වවුනියාව මණ්ඩපය දින නියමයක් නැතිව වැසේ

  👤  3196 readers have read this article !
By mawbima 2018-04-24

මඩුකන්ද - දීපාල් බණ්ඩාර, වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපය යළිත් දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලන අධිකාරිය කටයුතු කර තිබේ.

පසුගිය මාස දෙකක කාලයක් අනධ්‍යයන සේවකයන්ගේ වර්ජනයක් හේතුවෙන් වසා දමා තිබූ විශ්වවිද්‍යාලය යළිත් ඊයේ ආරම්භ කළද අධ්‍යයන කටයුතු ආරම්භ නොකර යළිත් එය වසා දැමීමට කටයුතු කිරීම දැඩි ලෙස හෙළා දකින බවත් එය අසාධාරණ ක්‍රියාවක් බවත් සිසුහු ප්‍රකාශ කළහ.
කැබ් රථයක් සිසුවකුගේ පාදය මතින් ගෙන යෑම හේතුවෙන් තුවාල ලැබූ සිසුවකු මේ වන විට වවුනියාව මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් එම සිද්ධිය සිසුන් හා පාලන අධිකාරිය සමඟ ආරවුලක් ඇතිවීමට හේතුව බවත් සිසුහු පවසති.

විශ්වවිද්‍යාලය වසා දමා සිසු සිසුවියන් ගේට්ටුවෙන් පිටත තබා තම නේවාසිකාගාරවලින් පිටවන ලෙස දන්වා ලිපියක්ද සිසුන්ට ලබා දී ඇති අතර එකවරම විශ්වවිද්‍යාලය වසා දැමීම නිසා තමන් දැඩි අසරණ භාවයට පත්ව ඇති බව සිසුන් පවසයි.
පොලිස් ආරක්ෂාවද එම ස්ථානයට යොදා ඇති අතර සිසුහු පාලන අධිකාරියට විරෝධය පාමින් එම ස්ථානයේ රැඳී සිටියහ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon