හිටපු ජනපති මහින්දගේ ප්‍රකාශය ඇමැති ගාමිණී ප්‍රතික්‍ෂේප කරයි

  👤  3482 readers have read this article !
By mawbima 2018-04-24

ආරියරත්න ගනේගොඩ

විහාරස්ථාන හෝ වෙනත් ආගමික ස්ථාන අලුතින් ඉදිකිරීම වළක්වාලීම සඳහා නීතියක් ගෙන ඒමට ආණ්ඩුව සූදානම් වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කළ ප්‍රකාශයක් බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රතික්‍ෂේප කරයි.

හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මෙම නීතිය ක්‍රියාත්මක වුවහොත් දහම් පාසලක් පවා අලුතින් ආරම්භ කිරීමේදී ගැටලු මතුවනු ඇති බවයි. කෙසේ වෙතත් එවැනි කිසිදු සූදානමක් ආණ්ඩුවට නොමැති බව 'මව්බිම' කළ විමසීමකදී ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කියා සිටියේය.
ඔහු පැවැසුවේ පහසුකම් අඩු විහාරස්ථාන සහ වෙනත් ආගමික ස්ථාන හඳුනාගෙන ඒවාට ප්‍රමුඛතාවදී දියුණු කිරීමට පමණක් යෝජිත අලුත් කෙටුම්පතකින් අදහස් කරන බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon