තේ මිලදී ගැනීමේදී ශ්‍රී ලංකාවට තවදුරටත් පහසුකම් සලසන්න

  👤  3305 readers have read this article !
By mawbima 2018-04-24

දයා පෙරේරා

ශ්‍රී ලංකා තේ මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරුවකු ලෙස තවදුරටත් ශ්‍රී ලංකාවට විශේෂ පහසුකම් සැපයීමේ හැකියාව පිළිබඳ අවධානය යොමුකරන ලෙස කතානායක කරු ජයසූරිය මහතා ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලි ලරිජානි මහතාගෙන් ඉල්ලීමක් කරයි. දෙදින නිල සංචාරයක් ස¼දහා ශ්‍රී ලංකාවට පැමිණි ඉරාන කතානායකවරයා ප්‍රමුඛ එරට පාර්ලිමේන්තුවේ විශේෂ දුත පිරිස කතානායක කරු ජයසූරිය සහ ශ්‍රී ලංකා ඉරාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජික මන්ත්‍රිවරුන් සමඟ පැවැති නිල හමුවේදී මේ ඉල්ලීම කෙරිණි.

ඉරාන කතානායකවරයා හා ශ්‍රී ලංකා කතානායකවරයා අතර පැවැති විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී දෙරට අතර සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ හැකියාව, ඉරානය හා ශ්‍රී ලංකාව අතර බහුලව සිදුවන තේ, පොහොර හා පෙට්‍රෝලියම් ආදී වෙළෙඳ කටයුතු, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා මෙන්ම ඉරාන ශ්‍රී ලංකා අන්තර් පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ප්‍රවර්ධනය ආදී කරුණු ගැනද අවධානය යොමු විය. එළැඹෙන මැයි මාසයේදී සිදුවීමට නියමිත මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඉරාන සංචාරයේදී එම කරුණු පිළිබඳ තීරණවලට එළැඹීම සඳහා මේ සාකච්ඡා මඟින් වැදගත් ප්‍රවේශයක් ඇති කර ගැනීමට හැකි වූ බව දෙපාර්ශ්වයේම අදහස විය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ ගැනුම්කරුවකු ලෙස තේ මිලදී ගැනීමේදී පවත්වන විශ්වසනීය සබඳතා ද ශ්‍රී ලංකා කතානායකවරයාගේ ඇගයීමට ලක්විය.

ඒ.එච්.එම්. ෆවුසි, ෆයිසාල් කාසිම් යන රාජ්‍ය ඇමැතිවරුන්ද රංජිත් අලුවිහාරේ සහ සන්දිත් සමරසිංහ යන මන්ත්‍රිවරුද මේ අවස්ථාවට එක්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon