අලුත් සැසිවාරයකට විශාල වියදමක් නෑ : කට කතා බොරු

  👤  3400 readers have read this article !
By mawbima 2018-04-24

දෙනගම ධම්මික රණවීර

මැයි මාසයේ 8 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තුවේ නව සැසිවාරය සඳහා වැය වන්නේ සාමාන්‍ය පාර්ලිමේන්තු දිනයක වැයවන මුදලට සමාන මුදලක් යැයි කතානායක මාධ්‍ය අංශය සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම සඳහා අති විශාල මුදලක් වැය කරනු ලබන බවට ඇතැම් පිරිස් සිදුකොට ඇති ප්‍රකාශ සත්‍යයෙන් තොර බවද දන්වා සිටී. නව සැසිවාරය උත්සවාකාරයෙන් ආරම්භ වනුයේ දිවා ආහාරයෙන් පසුව බැවින් අමතර ආහාර සඳහා හෝ පාර්ලිමේන්තුව කිසිදු මුදලක් වැය නොකරන බවද කතානායක මාධ්‍ය අංශය සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon