දෛනික පරිභෝජනය ඉහළ වුවත් හොර වැඩ නිසා භූමිතෙල්වලින් පාඩුයි

  👤  3290 readers have read this article !
By mawbima 2018-04-24

උපතිස්ස පෙරේරා

සමෘද්ධිලාභීන්ට සහ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර කාර්මිකයන්ගේ දෛනික භූමිතෙල් අවශ්‍යතාව මෙටි්‍රක් ටොන් 28ක් වුවද දෛනිකව මෙටි්‍රක් ටොන් 750 ඉක්මා සිදුවන භූමිතෙල් අලෙවියෙන් දිනකට රජයට රුපියල් දෙකෝටි තිස් හය ලක්ෂ අසූ අට දහසක් පාඩු සිදුවෙයි.

භූමිතෙල් සඳහා බදු ඉවත් කොට සහනාධාරයක් ලෙස සමෘද්ධිලාභීන්ට හා ධීවර කර්මාන්තයේ නියැළෙන්නන්ට ලබාදීමට කටයුතු කළද අද වන විට භූමිතෙල් උපයෝගී කරගෙන උපරිම ලාභ ලබන්නේ පෞද්ගලික බස් හිමියන් බව අවධාරණය කරමින් ඛනිජ තෙල් තොග නිමා සමාගමේ ජාතික සේවා සංගම් ශාඛාව පෙන්වා දෙයි.

දිවයින පුරා විසිරී සිටින සමෘද්ධිලාභීන්ගෙන් සියයට 95කගේ පමණ නිවෙස්වලට මේ වන විට විදුලි සැපයුම ලබාගෙන ඇති බැවින් ගෘහස්ථ භූමිතෙල් භාවිතය බෙහෙවින් අවම වී ඇති බවත් භූමිතෙල්වල මූලික අවශ්‍යතාව ඇත්තේ ධීවරයන්ට බවත් සඳහන් කරන සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතා නීති විරෝධී ලෙස භූමිතෙල්වලට හරවා බස් ධාවනය කරන බස් හිමියන්ගේ නීති විරෝධී ක්‍රියා වැළැක්වීම සඳහා කලකට පෙර ක්‍රියාත්මක කළ භූමිතෙල් මුද්දර ක්‍රමය යළි ක්‍රියාවට නංවා එය සමුපකාර සමිති මඟින් බෙදා හැරීමට රජයේ අවධානය යොමු විය යුතු බවද පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon