ප්‍රසූත නිවාඩු ගන්නා ගුරුවරියන් වෙනුවෙන් සංචිතයක්

  👤  3452 readers have read this article !
By mawbima 2018-04-24

දයා පෙරේරා

ප්‍රසූත නිවාඩු ලබාගන්නා ගුරුවරියන් වෙනුවට එම කාලය තුළ ඉගැන්වීම සඳහා ඔවුන් සේවය කළ පාසලට අනුයුක්ත කිරීම පිණිස ගුරු සංචිතයක් පිහිටුවීමට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් තීරණය කරයි.

වසරකදී ප්‍රසූත නිවාඩු ලබා ගන්නා ගුරුවරියන් ගණන 10,000ක් පමණ වන බවත් ඔවුන් නිවාඩු අවසන් කර පැමිණෙන තුරු වැඩ ආවරණය කිරීම සඳහා ස්ථාපිත කරන ගුරු සංචිත කලාප අධ්‍යාපන කාර්යාල මට්ටමින් පිහිටුවීමට ඇමැතිවරයා නිලධාරීන්ට යෝජනා කර ඇත.

කලාප අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව 98 සිට 200 දක්වා වැඩිකරන බවත් දැනට ක්‍රියාත්මක වන කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ක්‍රමය අහෝසි වන බවත් පැවැසූ ඇමැතිවරයා අධ්‍යාපන කාර්යාලයෙන් ආවරණය වන ප්‍රදේශය කුඩා වූ විට දැනට වඩා වැඩි කාර්යක්ෂම සේවයක් ලබාදිය හැකි බවත් නිලධාරීන්ට පෙන්වා දී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon