මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවට ත්‍රීවීල් මීටර් අයිති වූයේ කෙසේද?

  👤  3255 readers have read this article !
By mawbima 2018-04-24

උදයන්ති මුණසිංහ

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ විෂය පථයට ත්‍රිරෝද රථ මීටර් අනිවාර්ය කිරීම අදාළ වූයේ කෙසේද යන්න වහාම රටේ ජනතාවට පැහැදිලි කර දෙන ලෙස සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. යතුරුපැදිකරුවන්ගේ මාර්ග ආරක්ෂාව පිළිබඳව ඍජු කාරණාවලදී ඒ පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැතිව කටයුතු කරන සහ ලෝකයේ අනාරක්ෂිතම වාහනය, ත්‍රිරෝද රථය වෙනුවට ආදේශ කරන ක්‍රියාමාර්ගය පිටුපසද සිටින්නේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව යැයි හෙතෙම චෝදනා කරයි.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ ත්‍රිරෝද රථ මීටර් අනිවාර්යය කිරීමේ කටයුත්ත සිදුකරන්නේ මීටර් ව්‍යාපාර සමඟ සබඳතා ඇති ත්‍රිරෝද රථ සංගම්වල වුවමනාව මත බව පෞද්ගලික මාධ්‍ය ආයතනයක පැවැති වැඩසටහනකදී රටේ ජනතාවට හෙළිදරව් වූ බවද ඔහු පෙන්වා දෙයි.

දැනට තිබෙන මීටර් වෙනස් කොට පාරිභෝගිකයා රැවටීමේ හැකියාව තිබෙන බවත් මිල නියාමනයක් නොමැතිව හා වෙනස් කෙරූ මීටර් ඇති පසුබිමක මීටර් අනිවාර්ය කිරීම නිසා අවාසිය සිදුවන්නේ රටේ ජනතාවටම බැවින් පළමුව කළ යුත්තේ මීටර් සඳහා පළාත්, ප්‍රදේශ, ගමනාන්තය අනුව ත්‍රිරෝද රථවල මීටර් සඳහා මිල නියාමනයක් සහ මීටර් සඳහා ප්‍රමිතිය හඳුන්වා දීම බවත් ඔහු අවධාරණය කරයි. ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ යහපාලනයෙන් නිදහස ලැබුණේ මහජනතාවට හා ඔවුන්ගේ අයිතිවාසිකම්වලට නොව, රජයේ දූෂිත නිලධාරීන්ට හා රටේ සමස්ත දූෂණයට බව මේ ත්‍රිරෝද රථ මීටර් සිදුවීම ලංකාවේ ඉතිහාසයට එක්වන කදිම නිදසුනක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon