මාළුන්ට දාන කෑම එකක් දවල් කෑමට අරන් ඇවිත්

  👤  3320 readers have read this article !
By mawbima 2018-04-24

කල්තොට - එස්. වීරවංශ
බළන්ගොඩ - නලින්ද වලේබොඩ

මෙය බළන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ සිදුවීමකි. නිවැසියාගේ බිරිය හා දරුවෝ හදිසියේම බිරියගේ මවුපියන් බැලීමට උදෑසනම නිවෙසින් පිටව ගියහ. ගෙදර ඉතිරි වූයේ ස්වාමිපුරුෂයා පමණි. බිරිය ඇතුළු දරුවෝ නිවෙසින් පිටත් වූයේ ගෙහිමියාට දවල්ට කඩෙන් බත් පාර්සලයක් ගෙනැවිත් අනුභව කරන ලෙස නියෝග කරමිනි.
ඒ අනුව ගමේ සිට දිනපතා නගරයට ධාවනය වන බස් රථයේ රියැදුරාට නිවැසියා කියා සිටියේ නගරයේ ආපන ශාලාවකින් මාළු කෑම පාර්සලයක් රැගෙන එන ලෙසයි. නගරයට ගිය රියැදුරාට බත් පාර්සලය මතක් වූයේ නැවත ගමට ඒමට බස් රථය පණ ගැන්වීමෙන් අනතුරුවය.

රියැදුරු වහාම කොන්‍ෙදාස්තරට කීවේ මාළු කෑම එකක් ඉක්මනට රැගෙන එන ලෙසටය. ඒ අනුව කඩිනමින් බසයෙන් බැස ගිය කොන්‍ෙදාස්තර සුළු වේලාවකදී පාර්සලයක් අතැතිව බසයට ගොඩ වූයේ හනි හනිකට මගීන්ගෙන් මුදල් එකතු කර ගැනීමටය.

ඔහු ගෙනා පාර්සලය බස් රථයේ රියැදුරු අසුන ඉදිරියේ ඇති තට්ටුවේ තැබුවේය. දැන් බස් රථය ගමට ආසන්නය. නිවැසියාද නිවෙස ඉදිරිපිටට වී සිටින්නේ බස් රථය එනතුරුය. දහවලද ගතවී ඇති නිසාත් දැනුණු කුසගින්න නිසාත් ඔහුට ඉවසීමක් නැත. 'ආ මල්ලී මෙන්න කෑම' එක කියමින් රියැදුරා පාර්සලය දුන්නේය. වහා ගෙට ගොඩවූ නිවැසියා පාර්සලය දිග හැරියේය. 'හත්තිව්වයි මේක මාළුන්ට දාන කෑම එකක්නේ''.
රියැදුරාගේ කලබලයත් එක්කම කොන්‍ෙදාස්තරවරයා තේරුම් ගෙන ඇත්තේ මාළු කෑම එකක් කියූ නිසා ඇති කරන මාළුන්ට දෙන කෑම කියාය. දැන් එම බස් රථයේ රියැදුරාට 'කොහොමද මාළු කෑම' කියලා අහපුවාම උත්තර දෙන්නේ අමු තිත්ත භාෂාවෙනි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon