පෞද්ගලික න්‍යාය පත්‍රවලට වැඩ කිරීමෙන් සමස්ත ග්‍රාම නිලධාරි සේවාව හෑල්ලු වෙලා

  👤  3219 readers have read this article !
By mawbima 2018-04-24

උපතිස්ස පෙරේරා

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ‍ෙදාළොස්දහසකට ආසන්න ග්‍රාම නිලධාරීන් සහ නිලධාරිනියන් නොවිසඳී ඇති ගැටලුවලට හඬ නැඟීම සඳහා ඔවුන්ගේ සාමාජික මුදලින් යැපෙන වෘත්තීය සමිති දහයකට අධික සංඛ්‍යාවක් ඇතත්, පක්ෂ, ගෝත්‍ර කණ්ඩායම් ලෙසට බෙදී වෙන්වී වරදාන, වරප්‍රසාද හා ඔවුන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කිරීම නිසා සමස්ත ග්‍රාම නිලධාරි සේවාව දැඩි කලකිරීමට හා අපහසුතාවකට පත්ව ඇතැයි ශ්‍රී ලංකා ගම්පත පදනම සඳහන් කරයි.

අඩසිය වසරක් සපුරා ඇති ග්‍රාම නිලධාරි සේවය වර්තමානය වන විට අවිනිශ්චිත හා සේවා ගැටලු රැසකට මුහුණපා ඇතැයිද, ඓතිහාසික ව්‍යවස්ථාපිත තනතුරක් වූ ග්‍රාම නිලධාරි සේවය තවත් එක් රාජ්‍ය නිලධාරියකුගේ තත්ත්වයට පත්වී සේවා හා වෘත්තීය ගැටලුවලට විසඳුම් නොලැබීමෙන් එම තනතුරෙහි අවදානම් තත්ත්වයක් උද්ගතවී ඇතැයිද එම පදනමේ සභාපති ඩී.කේ. කීර්තිතිස්ස මහතා පෙන්වා දෙයි.

ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා නියමිත දින වකවානු සහිත සක්‍රිය කමිටුවක් පත්කිරීම, ගෘහ මූලික ලැයිස්තු ක්‍රමය නැවත ආරම්භ කිරීමේ ක්‍රමවේදයක් සැකසීම, ඉතාමත් ප්‍රාථමික මට්ටමේ පවතින ග්‍රාම නිලධාරීන්ගේ සියලු දීමනා නැවත සමාලෝචනය කිරීම, නිශ්චිත රාජකාරි ලැයිස්තුවක් සකස් කිරීම ඇතුළු වෘත්තියට බලපා ඇති ගැටලු පිළිබඳව සොයා බැලීමට අමාත්‍යාංශ කමිටුවක් පත්කිරීම ඔවුන්ගේ වෘත්තීය ඉල්ලීම් අතර වෙයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon