ගාල්ලේ බන්ධනාගාර රැඳවියෙක් හදිසි ආබාධයකින් මියගිහින්

  👤  3241 readers have read this article !
By mawbima 2018-04-24

රත්ගම _ ගුණපාල ඉරත්නවල්ලි,
ඉමදුව - ටී. විතානවසම්

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියකු හදිසි ආබාධයක් නිසා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාරගතව සිටි මෙම සැකකරු ගාල්ල _ යටලමත්ත 70 කන්ද ප්‍රදේශයේ පදිංචි 68 වියැති අයෙකි.
මෘත දේහය වැඩිදුර පරීක්ෂණය සඳහා ගාල්ල කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර ගාල්ල පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

පරීක්ෂණවලින් පසු මියගිය රැඳවියාගේ මෘත දේහය ඥාතීන්ට භාරදීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon