බිරිය සමඟ රණ්ඩු වී පියා මාස 8ක දරුවාත් අරන් දුම්රියට පැනලා

  👤  3390 readers have read this article !
By mawbima 2018-04-24

කුරුණෑගල - විජේසිංහ වැලිකන්ද, ගනේවත්ත- ආර්. ඒ. ආරියරත්න

බිරිය සමඟ ඇති වූ බහින්බස්වීම දුරදිග යෑමෙන් පියකු මාස 8ක කුඩා දරුවකු සමඟ පෙරේදා (22දා) යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියට පැන දිවි නසාගෙන ඇති බව වැල්ලව පොලිසිය කියයි.

මෙසේ දුම්රියට පැන මියගොස් ඇත්තේ වැල්ලව, වරද්දන පදිංචි චතුර ගයාන් මධුෂංක (අවුරුදු 30) සහ මාස 8ක් වයසැති ජනිත් කෞෂල්‍ය යන දෙදෙනායි.

ඇතිවූ බහින් බස්වීම පිළිබඳව බිරිය විසින් වැල්ලව පොලිසියට පෙරේදා (22දා) පැමිණිල්ලක් කර ඇත. පැමිණිල්ල විභාග කිරීම සඳහා මියගිය පුද්ගලයාට වැල්ලව පොලිසියට පැමිණෙන ලෙස පොලිසියෙන් දැනුම්දීමත් සමඟ මොහු කුඩා දරුවා සමඟ තම නිවෙස ඉදිරිපිට ඇති දුම්රිය මාර්ගයට දුවගොස් ධාවනය වූ දුම්රියට පැන දරුවාද සමඟ දිවි නසාගෙන ඇති බව ඥාතීහු පවසති.

වැල්ලව සහ ගනේවත්ත අතර දුම්රිය මාර්ගයට පැන දිවි නසාගත් චතුර ගයාන් පෙදරේරුවෙකි.

ගනේවත්ත හා වැල්ලව දුම්රියපොළවල් අතර පහළ වරද්දන - පල්ලෙකොටුව ප්‍රදේශයේදී මෙම සිදුවීම වී තිබේ.

මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත යවා ඇත.

වැල්ලව පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon