යහපාලන ආණ්ඩුව ගෙදර යවා යළි මහින්ද යුගයක් ඇති කරනවා

  👤  3227 readers have read this article !
By mawbima 2018-04-24

රට රටවල මෙවර මැයි දිනය මැයි 1 වැනි දින පවත්වනවා. අපගේ මැයි දිනයට වෙසක් පොහොය යෙදී ඇති බැවින් මහ නායක හිමිවරුන් ප්‍රධාන පූජනීය සංඝරත්නයේ ඉල්ලීම මත මෙවර මැයි දිනය, මැයි මස 7 වැනි දින පැවැත්වීමට සිදු කළ නියමයන් අනුව මෙවර අපගේ මැයි දින උත්සවය පවත්වනු ලබන්නේ ගාල්ල නගරයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කඩුවෙල ප්‍රධාන සංවිධායක හා බස්නාහිර පළාත් සභාවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි ජගත් කුමාර පැවැසීය.

ජගත් කුමාර මහතා මේ බව සඳහන් කළේ මැයි රැලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියකාරීන්ගේ විශේෂ සාකච්ඡාවකදීය.

පළාත් සභා මන්ත්‍රි ජගත් කුමාර එහිදී මෙසේද කීය.
පසුගිය වර්ෂයේ මැයි දිනය පැවැත්වීමට ගාලුමුව‍ෙදාර පිටිය අපට ආණ්ඩුව ලබාදුන්නා. අපිට කටඋත්තර නැති කරන්න ලබාදුන් ගාලුමුව‍ෙදාර පිටිය රටේ වැඩ කරන ජනතාවගෙන් පුරවා මැයි දිනය පැවැත්වීම පිළිබඳව මෛත්‍රිපාල සිරිසේනට කටඋත්තර නැතිවුණු බව පෙන්වා දෙන්න කැමැතියි.

මහින්ද රාජපක්ෂ මහත්තයාට රටේ සිවු දෙසින්ම බලය ලැබී තිබෙනවා. ඉදිරියේ පැවැත්වීමට යෝජිත පළාත් සභා සියල්ලේම බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදීමට මේ ජනතාව විශාල කැමැත්තකින් සිටිනවා. වත්මන් යහපාලනය යටතේ බඩු මිල කීයද? ඉදිරියේ පෙට්රල්, ඩීසල්, භූමිතෙල්, ගෑස් මිල නඟිනවා. ඉදිරි කාලයේදී යළි මහින්ද යුගයක් ඇති කරමින් යහපාලන ආණ්ඩුව ගෙදර යවනවා.

එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුද තිබෙනවා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා එජාපයේ යාවජීව නායකයා බවට පත්වෙලා. කිසිකෙනකුට එහි නායකත්වය භාර දෙන්නේවත් කිසිම ප්‍රතිසංවිධානයක් රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන්නේවත් නැහැ.

විශ්වාසභංගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ගොඩ ගියා. එහෙත් ටී.එන්.ඒ. එකට ලබාදුන් පොරොන්දු අති භයානකයි. එක්සත් ජාතික පක්ෂය තුළ අළු යට ගිනි පවතිනවා. යහපාලන රජයේ විවිධ යෝජනා නිසා ජනතා පොරොන්දු ඉටු කිරීමට නොහැකි වෙලා. රටට පෙර රටේ ජනතාව හතර ගාතෙන් වැටිලයි ඉන්නේ. මෛත්‍රිපාල සිරිසේන මහතාට ඡන්දය ලබාදී එම ජනතාව ළතවෙන හැටි ගම්වලට ගියාම දැකගන්න පුළුවන්. ඇතැම් පවුල්වලට පොල් සම්බෝලයක් සමඟ බත් කෑමට රුපියල් 200කට වැඩිය යනවා.

යහපාලන ආණ්ඩුව විධායක බලය පිළිබඳ වෙනම පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැසකවමින් සිටිනවා. උතුරු නැඟෙනහිරට වෙනම පාලන දෙන්න බැහැ. උතුරට ෆෙඩරල් ලබාදීලා කටයුතු කරන්න බැහැ. එවිට ප්‍රශ්න පිට ප්‍රශ්න ඇතිවෙනවා. වත්මන් ආණ­ඩුවට ජනතාවගේ සහාය ලැබෙන්නේ රට නොබෙදෙනවා නම් පමණයි. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ බලය රනිල් වික්‍රමසිංහ මහතාට දීලා හරියන්නේ නැහැ. ඉදිරි කාලයේදී රටේ සෑම ජන කොටසකගේම සහාය ලබාගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියට ගමන් කරමින් යහපාලන රජය ගෙදර යවනවා යවනවාමයි.

ආරියරත්න ගනේගොඩ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon