මැයි 8 වැනිදා කතානායකවරයා තීන්දුවක් ගත යුතුයි

  👤  3558 readers have read this article !
By mawbima 2018-04-24

ජාතික ආණ්ඩුවක් නැතත් වරදාන වරප්‍රසාද දීමට ජාතික ආණ්ඩු සංකල්පය ආණ්ඩුව පාවිච්චි කරනවා යැයි ඒකාබද්ධ විපක්ෂයේ කළුතර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන චෝදනා කරයි.

ඔහු එම චෝදනා කළේ පසුගියදා (20දා) බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. එහිදී වැඩිදුරටත් රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේද පැවැසීය.

මෙදාපාර ජනතාවට සහන නැතිව බලාපොරොත්තුවක් නැතිව අවුරුද්ද සමරන්නට ආණ්ඩුවේ ක්‍රියාකලාපය, නොහැකියාව හේතු වුණා. වෙනදා අවුරුද්දට හඬන කොහා වෙනුවට කණ කොකා හැඬුවා. එරබදු පිපෙනවා වෙනුවට බඩු බර පැටවුණා.

ආණ්ඩුව ජනතාවට එපා වෙලා කියලා ඒ අයට තේරෙන්නේ නැහැ. ප්‍රධාන පක්ෂ දෙකක් එකට එකතුවුණාම තමයි ජාතික ආණ්ඩුවක් හැදෙන්නේ. ඒත් ශ්‍රී ලනිප අරික්කාලක කොටසක් එජාපය එක්ක ආණ්ඩුවක් හදල ඒකට ජාතික ආණ්ඩුව කියනවා. එවැනි පසුබිමක් තුළ මේකට ජාතික ආණ්ඩුව කියන්න පුළුවන්ද..? ඒත් වරදාන වරප්‍රසාද දීමට ජාතික ආණ්ඩුව කියන සංකල්පය මොවුන් පාවිච්චි කරනවා.

ආර්. සම්පන්දන් මහත්තයා විපක්ෂ නායකයා ලෙසින් සිටියත් ඔහු ආණ්ඩුවේ කොටසක් වගෙයි. නිල වශයෙන් එකතු වුණා නම් රජ තුන් කට්ටුව කියන්න පුළුවන්. විපක්ෂ නායකකම දී තිබෙන්නේ ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් පත්කිරීමට සහාය දීම වෙනුවෙන් ලබා දුන් දේශපාලන තෑග්ගක් ලෙසට පමණයි.
මේ රට අස්ථාවර රටක් බවට පත්වෙලා. විදේශ ආයෝජකයො එන්නෙ නැහැ. දේශීය ආයෝජකයොත් වියට්නාමය ඇතුළු රටවලට යනවා. මේ ආකාරයට ඉදිරියට යන්න රටට හැකියාවක් නැහැ. මේ නිසා අලුත් පාලනයක් ගෙන ඒමට වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි.

අගමැතිවරායාට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළා. ඒකෙදී එජාපය හැසිරුණේ මහ බැංකුව කොල්ලකෑවෙ නැහැ, පාඩුවක් වුණේ නැහැ කියන පදනමේ සිටයි. කෙසෙල් කැනක් කාපපු මිනිහට දඹදිවවත් යන්න බැරි විධියට ගුවන් ගමන් තහනම් කරනවා. ඒත් අර්ජුන මහේන්ද්‍රන් කොටු කර ගැනීමට ආණ්ඩුවට වුවමනාවක් තිබුණේ නැහැ.

එක්සත් ජාතික පක්ෂයට අලුත් තනතුරු 20ක් ඇති කරනව කියලා ආරංචියි. තනතුරු කොච්චර ඇති කළත් එක තනතුරක් වෙනස් වෙන්නෙ නැහැ. මහ බැංකු කොල්ලයට රනිල් වගකිව යුතුද නැද්ද කියලා ඇහුවොත් සියයට 70ක්ම කියාවි ඔහු සම්බන්ධයි කියලා.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග,

මැයි 8 වැනිදා පාර්ලිමේන්තුව කැ¼දවූවාට පසුව කතානායකවරයා තීන්දුවක් ගත යුතුයි ශ්‍රී ලනිප සුළුතරයක් එක්ක රටේ පවතින්නේ ජාතික ආණ්ඩුවක්ද නැද්ද කියලා. අපි ඒකට බලකර සිටිනවා.

අද එජාප පසුපෙළ මන්ත්‍රිවරු ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන්න කටයුතු කරනවා. ඒකට සහාය දෙනවද නැද්ද කියලා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම විදියට තීරණයක් ගන්නවා.

වයි-ෆයි දෙනව කියලා රැකියා දස ලක්ෂයක් දෙනව කියලා පොරොන්දු දීලා බලයට ආපු ආණ්ඩුව රත්රන්වලට බදු ගහපු නිසා දුවෙකුට දෑවැද්දට රත්තරන් දෙන්නවත් බැරි තත්ත්වයට බදු බර පටවා තිබෙනවා. ආණ්ඩුව බදුවලින් හූරාගෙන තත්ත්වයට පත්වෙලා.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න යෝජනාවක් ඉදිරිපත් වීමට නියමිතයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු ස්ථාවරයේ අපි සිටිනවා.

දෙනගම ධම්මික රණවීර
ඡායාරූප - උදේශ් රණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon