ගාල්ල කරාපිටිය රෝහලේ සැත්කම් කළ හදවත් රෝගියෙක් මියයෑමෙන් හෘද සැත්කම් අංශය තාවකාලිකව වසා දමලා

  👤  3263 readers have read this article !
By mawbima 2018-04-24

ඉමදුව - ටී. විතානවසම්

ගාල්ල කරාපිටිය රෝහලේ හෘද සැත්කමකට භාජන කරන ලද රෝගියකු මියයෑම නිසා මේ වන විට හෘද සැත්කම් අංශය තාවකාලිකව වසා දමා ඇතැයි වාර්තා වෙයි.
එසේම වෛද්‍ය නාමල් ගමගේ මහතා ඉදිරි දින කිහිපයේදී සිදු කිරීමට නියමිතව තිබූ හෘද රෝග සැත්කම්ද තාවකාලිකව අත්හිටුවා ඇති බවද රෝගීහු පවසති.

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම් වෛද්‍ය කංචිත සමරරත්න මහතාගෙන් අප විමසූ විට ඔහු මෙසේ පැවැසීය.
හෘද සැත්කමට භාජන වූ රෝගියෙක් මියගොස් තිබෙනවා. ඇසිනෝ බැක්ටර් කියන විෂ බීජයක් ඇතුළත් වීමෙන් මෙසේ මිය යන්නට ඇති බවට සැක කරනවා. කෙසේ නමුත් මේ හේතුව නිසා පිරිසුදු කිරීම් සඳහා ශල්‍යාගාරය වසා දමා තිබෙන අතර, වෛද්‍ය නාමල් ගමගේ මහතාත් සිය සාමාන්‍ය හෘද රෝගී සැත්කම් නැවැත්වීමට තීරණය කර තිබෙනවා. කොහොමටත් අපි මේ නිසි බලපත්‍රයක් නොමැති රිචඩ් පර්මින් නමැති එංගලන්ත ජාතික හෘද හා උරස්කුහර පිළිබඳ ශල්‍ය වෛද්‍යවරයා කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණ හෘද සැත්කම් කිරීම ආරම්භ කළහොත් හෘද හා උරස් කුහර ශල්‍ය ඒකකයේ නිර්වින්දන වෛද්‍යවරුන් තම සේවා කටයුතුවලින් ඉවත් වීමට ඒකමතිකව තීන්දු කරලා තිබුණේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon