මහනුවර ඉන්ද්‍රා ට්‍රේඩර්ස් අධිපතිගේ වට්ටාරන්තැන්නේ නිවෙසක් හා ඉඩමක් අස්ගිරි මහ විහාරයට සඟසතු කරයි

  👤  3442 readers have read this article !
By mawbima 2018-04-24

අලවතුගොඩ - ජයම්පති අනුර බණ්ඩාර

මහනුවර ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වාහන මන්දිරය අධිපති ඉන්ද්‍ර කුමාර ද සිල්වා මහතා සහ එම මහත්මියට අයත් මහනුවර වට්ටාරන්තැන්න පාරේ පිහිටි අංගසම්පූර්ණ නිවෙස සහ එයට අයත් පර්චස් අසූව ඉඩම අස්ගිරි මහ විහාරස්ථානය වෙත සඝ සතු කර පූජා කිරීම පෙරේදා (22) එම නිවසේදී සිදු කෙරිණි.

මේ අවස්ථාවට අස්ගිරි මහ විහාර පාර්ශ්වය මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතනාභිධාන නා හිමියන් ඇතුළු අනු නාහිමිවරුන්, මල්වතු පාර්ශ්වයේ අනුනාහිමියන් ඇතුළු මහ සංඝරත්නයද, බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon