විකිණීමට සූදානම් කර තිබූ දඩ මස් කිලෝ 40ක් පොලිස් විශේෂ කාර්ය බළකායට මාට්ටු

  👤  3342 readers have read this article !
By mawbima 2018-04-24

මුලතිව් - ශෂිකුමාර් සහ ඕමන්ත ශේෂලා අමරසිංහ

වවුනියාව තේක්කවත්ත ප්‍රදේශයේදී වල් උෟරකු මරා මස් විකිණීම සඳහා සූදානම් කර තිබූ දඩ මස් කිලෝ 40ක් සමඟ සැකකරුවකු ඊයේ (23දා) උදෑසන වවුනියාව මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ වවුනියාව මඩුකන්ද කඳවුරට ලැබුණු තොරතුරක් මත වවුනියාව වනජීවී නිලධාරීන්ගේද සහාය මත ඊයේ (23දා) උදේ කළ හදිසි පරීක්ෂාවකදී දඩ මස් කිලෝ 40ක් සමඟ සැකකරුවකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මස් කළ වල් උෟරකු ශීතකරණයක දමා අලෙවි කිරීමට තිබියදී මෙම පරීක්ෂාවේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර මස් තබා තිබූ ශීතකරණයද පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් භාරයට ගෙන වවුනියාව වනජීවී නිලධාරීන් වෙත භාරදී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට වවුනියාව වනජීවී නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon