මම මෛත්‍රි මහත්තයට කිව්ව මට ලේකම්කම එපා කියලා

  👤  3427 readers have read this article !
By mawbima 2018-04-24

පසුගිය දවස්වල කියල තිබුණා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා අයින්කරගන්න ඕන කියලා. මම කිහිප වතාවක් ජනාධිපතිතුමාට කිව්වා මට මේ ලේකම්කමේ අවශ්‍යතාවක් නැහැ. මම මේකෙන් අයින් වෙන්න සූදානම් කියලා. ඒක අපිට වුවමනාවක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න තමයි අපි අපේ ලේකම්කම ඕන වෙලාවක දෙන්න සූදානම් වෙලා ඉන්නේ. කට්ටියකගේ අදහසක් තියෙනවා මේ පක්ෂයේ තනතුරු අරගෙන තවත් පක්ෂයකට පූජා කරන්න. එහෙම ඉඩදෙන්න අපි සූදානම් නැහැ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය අමාත්‍ය මහින්ද අමරවීර පැවැසීය.

තංගල්ල ධීවර වරායේ ලක්ෂ එක්දහස් පන්සියයක වියදමින් ඉදි වූ නව ජැටිය විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා (21දා) සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙසේ පැවැසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවීර මහතා මෙසේද පැවැසීය.

යම් පසුබෑමක් ඇති වෙලා තියෙනවා ආණ්ඩුවේ. ඒකට ප්‍රධානතම හේතුව තමයි අපි කරපු හොඳ වැඩ ටික ජනතාව අතර ප්‍රචාරය කරවන්න බැරිවුණා. ඒ නිසානේ මන්ත්‍රිවරු කියන්නේ පාරවල් හැදුවෙ නෑ. බොක්කු නෑ. බොරලු පාරක් හැදුවෙ නෑ කියලා. එතකොට මිනිස්සු හිතන්නේ ඒක රූපවාහිනියේ ගියාම මොනවත් කළේ නැහැ කියලා. හැබැයි අපි වැඩ කරල තියෙනවා. ඇති වෙන්න වැඩ කරල තියෙනවා. නමුත් ඒ එකක්වත් ප්‍රචාරය වෙන්නේ නෑ. අපේ කතාවල කෑල්ලක් යනවා රූපවාහිනියේ. එතකොට මිනිස්සු හිතනවා මේ ඇමැතිවරු කතා කරනවා විතරයි වැඩ කරන්නේ නෑ කියලා. මම අදටත් ඉල්ලා සිටිනවා මේ ලක්ෂ එක්දහස් පන්සීයක් දීලා කරපු මේ දේ අද මගේ කතාව දානවනම් මෙතැනදී මේක විවෘත කළා කියන කොටසවත් දාන්න කියන ඉල්ලීම කරනවා. නැත්නම් හිතන්නේ අපි වැඩ කරන්නේ නෑ කියලා.
ජයග්‍රහණය කරපු පොහොට්ටුවට අද මොකද වෙලා තියෙන්නේ. එතැන අවුල් ජාලාවක්.
සභාපතිරු පත්කරගන්න ගිහිල්ලා උප සභාපතිවරු පත්කරගන්න ගිහිල්ලා ඒ අයගේ ප්‍රශ්න ඇතිවෙලා. කියපු පොරොන්දු ඉෂ්ට කරගන්න බැරි වෙලා තියෙනවා. මේ වගේ ප්‍රශ්න රාශියකට ඒ අයත් මුහුණ දීලා. මේ සියලු තත්ත්වයන් මැද්දෙයි විශ්වාසභංගයක් ආවේ. දහසය දෙනෙක් වෙන් වෙනවා. මේකටත් විවිධ කතා කියනවා. ඒ කතාවට තවම අපි උත්තර දෙන්න ගත්තේ නෑ. උත්තර දෙනවා නම් හොඳ උත්තර දෙන්න පුළුවන්. ලබන සතියේ ඉඳල අපි මේවට උත්තර දෙන්න පටන් ගන්නවා.

අපේ එක මිත්‍රයෙක් ඉන්නවා. ඒ මිත්‍රයා දැන් බැනල නැත්තේ බුදු හාමුදුරුවොන්ටයි ජේසුස්වහන්සේටයි අල්ලා දෙවියන්ටයි විතරයි. අනෙක් ඔක්කොටම බැනලා තියෙනවා. හැබැයි බුදු හාමුදුරුවන්ට බැනල නැතිවුණාට හාමුදුරුවොන්ටත් බැන්නා. සියලු ප්‍රසිද්ධ නායකයොන්ට බැන්නා. දේශපාලකයන්ට විතරක් නෙවෙයි, මැතිවරණ කොමසාරිස්ට, රාජ්‍ය නිලධාරීන්ට සියලුම දෙනාට බනින එක තමයි ඒ අපේ මිත්‍රයාගේ වැඩේ. ඒ නිසා එයා කියන ඒවා තුට්ටු දෙකකට මේ රටේ මිනිස්සු ගණන් ගන්නේ නෑ. අද දිස්ත්‍රික්කයෙත් ප්‍රතික්ෂේප වෙච්ච කෙනෙක් නිසා අපි ඒකට වැඩිය උත්තර බඳින්න වුවමනාවකුත් නැහැ කියලයි මම හිතන්නේ. අපි ඉදිරියේදී මේ කාගෙ කාගේත් අපිට අවශ්‍ය නම් පැටිකිරිය හෙළිදරව් කරන්නත් හැකියාවක් තියෙනවා.

තංගල්ල - සහම්පති මානගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon