පාපන්දු කණ්ඩායම් 715ක් තරග බිමේ

  👤  3275 readers have read this article !
By mawbima 2018-04-24

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන එෆ්.ඒ. කුසලාන 2018 පාපන්දු ශූරතා තරගාවලිය පසුගියදා ආරම්භ වූ අතර මෙවර තරගාවලියට පාපන්දු ලීගයන් 60ක් නියෝජනය කරමින් කණ්ඩායම් 715ක් තරග වැදීම කැපීපෙනේ.

පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්වෙන මෙම තරගාවලියේ සමාරම්භය සටහන් කරමින් කොළඹ පාපන්දු ලීගයේ ඕල්ඩ් රෝයලිස්ට් පාපන්දු කණ්ඩායම හා කොලොන්ස් පාපන්දු කණ්ඩායම අතර තරගය කොළඹ 7 සී.ආර් ඇන්ඩ් එෆ්.සී ක්‍රීඩාංගණයේදීද, මඩකළපුව පාපන්දු ලීගයේ ලයිට් හවුස් පාපන්දු කණ්ඩායම හා නිව් ග්‍රීන් ලයිට් පාපන්දු කණ්ඩායම අතර තරගය මඩකළපුව වෙබර් ක්‍රීඩාංගණයේදීද පැවැත්වුණි.

ලීග් අදියර, පළාත් අදියර හා අවසන් අදියර ලෙස අදියර තුනක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ ලීග් අදියරේදී පාපන්දු ලීගයන් 60න් පෙරමුණ ගන්නා කණ්ඩායම් 60 පළාත් අදියර සඳහා සුදුසුකම් ලබාගනී. එසේ පළාත් අදියරට සුදුසුකම් ලබාගන්නා පාපන්දු කණ්ඩායම් 60න් කණ්ඩායම් 32ක් අවසන් අදියර සඳහා සුදුසුකම් ලබාගනු ඇත.
කෙසේවෙතත් මෙරට පුරවැසිභාවය අහිමි ක්‍රීඩකයන්ට හා විදෙස් ක්‍රීඩකයන්ට මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදී නොමැත. එමෙන්ම තරගාවලියට සහභාගි වන පාපන්දු කණ්ඩායම්වල ක්‍රීඩකයන් 25 දෙනකුගෙන් සැදුම්ලත් සංචිතයට ත්‍රිවිධ හමුදා හෝ රාජ්‍ය ආරක්ෂක සේවාවන්හි වෘත්තියේ නියැළෙන ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය උපරිම ක්‍රීඩකයන් තිදෙනකු ලෙස සීමා කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon