විරෝධතා මැද ආසියානු ශූරතා තරගාවලියට

  👤  3184 readers have read this article !
By mawbima 2018-04-24

ගමිත දෙහිපිටිය

52 වැනි ආසියානු කායවර්ධන ශූරතා තරගාවලිය සදහා සහභාගී වීමට නියමිත ක්‍රීඩකයන් දෙදෙනකුගෙන් සහ පුහුණුකරුවකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (25දා) ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතය.

2018 ආසියානු කායවර්ධන ශූරතා තරගාවලිය මොංගෝලියාවේදී මෙම මස 27 වැනිදා සිට 29 වැනිදා දක්වා රටවල් 30කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. මෙම තරගාවලිය සඳහා කිලෝ ග්‍රෑම් 55 බර පංතිය නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයේ නුවන් ෂාමික සහ ආ¾ඩිඅම්බලම පවර් ෆිට්නස් ක්‍රීඩා සමාජයේ තිලංක හේවාවසම් සහභාගී වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස නාවුක හමුදා ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ඉන්දික ප්‍රනාන්දු මහතා සහභාගීවේ.

කෙසේ වෙතත් හෙට (25දා) ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීම්වලට අදාළව ක්‍රීඩා සමාජයකින් එල්ල වී ඇති විරෝධතා සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යාංශය මගින් පරීක්ෂණ පැවැත්වුවද මෙතෙක් මෙම තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යාංශ අනුමැතිය හිමිවී නොතිබීමද විශේෂත්වයකි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon