උතුරෙන් දකුණට මිතුදම් චාරිකාවේ පිරිස කතරගම පුදබිමේ ආගමික වැඩසටහන් රැසකට එක්වෙති

  👤  3372 readers have read this article !
By mawbima 2018-04-23

කතරගම - කේ.ඩී. සන්දිම


ජාතීන් හා ආගම් අතර සමඟිය, විශ්වාසය, මිත්‍රත්වය, සංහිඳියාව ඇති කරලීමේ අරමුණු ඇතිව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයක් අනුව සංවිධාන කළ උතුරෙන් දකුණට මිතුදම් චාරිකාවට එක්ව සිටින උතුරේ වැසියන් පසුගිය 20 වැනි දින රුහුණු මහා කතරගම පුදබිම වෙත පැමිණ ආගමික වැඩසටහන් රැසකට එක්ව සිටියහ.


කතරගම පොලිස් ස්ථානාධිපති උපාලි කාරියවසම් මහතා විසින් පිරිස පිළිගත් අතර පැමිණි සියලුම ජාතීන්ට අයත් පිරිස කතරගම කිරිවෙහෙර වෙත පැමිණ ආගමික වතාවත් සිදුකර කතරගම දේවාලය වෙත පැමිණ දේව ආශීර්වාදය ප්‍රාර්ථනා කරගනු ලැබූහ.

මෙයට අමතරව පිරිස කතරගම ඇති සියලුම සිද්ධස්ථාන නැරැඹීමට ක්‍රියා කරනු ලැබීය. මේ අවස්ථාවට පොලිස් ස්ථාන රැසක නිලධාරීහුද එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon