ගිරිතලේ ජාතික උද්‍යානවල සිටින අලින්ට මුඛ හා කුර රෝගයක්

  👤  3250 readers have read this article !
By mawbima 2018-04-23

හිඟුරක්ගොඩ - ප්‍රියා, හබරණ - මධුෂාන් වික්‍රමසිරි


කවුඩුල්ල, මින්නේරිය, සෝමාවතිය, අංගම්මැ¾ඩිල්ල සහ ගිරිතලේ ඇතුළු ජාතික උද්‍යානවල සිටින අලි ඇතුන්ට මුඛ සහ කුර රෝගයක් වැලඳීමේ තත්ත්වයක් පවතින බවත් රෝගය වැලඳුණු අලි පැටියකු කවුඩුල්ල ජාතික උද්‍යානයේ නිලධාරීන් විසින් රෝහල වෙත භාරදුන් බවත් මේ රෝගය වැලඳීමට ප්‍රධාන හේතුව වන්නේ මේ උද්‍යානවලට අනවසර ගවයන් දසදහස් ගණනක් ඇතුළු කිරීම බව ත්‍රිකුණාමලය, පොළොන්නරුව වනජීවී කලාපය භාර ගිරිතලේ වනජීවී සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ පශු වෛද්‍ය කේ.ඒ.එස්.එස්. කලිගුආරච්චි පැවැසීය.


ඒ මහතා මෙසේද කීය. පසුගිය 15 දින කවුඩුල්ල වනජීවී නිලධාරීන් විසින් අප රෝහල වෙත අලි පැටව් භාර දුන්නා. මවගෙන් මඟහැරී වැටී සිටි මාස එකහමාරක පමණ අලි පැටියකු ප්‍රතිකාර සඳහා පරීක්‍ෂා කිරීමේදී වැටී තුවාලවලට අමතර මුඛයේ සහ පාදවල තුවාල සිදුව ඇති බවත් එම රෝග ලක්‍ෂණ අනුව මේ අලි පැටියාට මුඛ හා කුර රෝගය වැලඳී ඇති බවත් පෙනී ගියා. ඒ පිළිබඳ වැඩිදුර තහවුරු කර ගැනීම සඳහා එහි සාම්පල් පේරාදෙණිය පසු විමර්ශන අංශය වෙත යොමු කළා. කෙසේ වුවත් වනජීවී උද්‍යානවල සිටින සතුන්ට මේ රෝග බෝවීමට ඇති ප්‍රධානම හේතුව ලෙස අපි හඳුනාගෙන තියෙන්නේ අනවසරයෙන් ගවයන් ඇතුළු කිරීමත් ඒ වගේම මේ ගවයන් දස දහස් ගණනක් අලි ඇතුන් පරිභෝජනය කිරීමට ඇති තණකොළ කෑම හේතුවෙන් වනජීවී රක්‍ෂිතවල සිටින සියලු සතුන්ට උග්‍ර ආහාර හිඟයක්ද ඉදිරියේදී ඇති වීමට පුළුවන්.


කොහොම වුවත් මේ දිනවල අප කලාපයේ ඇති සියලු රක්‍ෂිතවල සිටින වන සතුන් පිළිබඳ විශේෂ ගවේෂණාත්මක පරීක්‍ෂණයක් ආරම්භ කරලා තියෙන්නේ. මොකද මේ රෝගය වැලඳුණු අලි ඇතුන් වාගේම වෙනත් සතුන් සිටිනවාද සොයා බැලීම සඳහා. වනජීවී උද්‍යානවල සිටින සතුන් බේරා ගැනීම සඳහා කළ යුතු එකම පිළියම වන්නේ මේ උද්‍යානවල නිවාසවල ඇති කරන ගවයන් ඇතුළු නොකිරීමට වගබලා ගැනීම පමණක් බවත් වෛද්‍යවරයා කීය.


මේ පිළිබඳ උද්‍යාන භාරකරුවන් පවසා සිටින්නේ සෑම උද්‍යානයකම විශාල ලෙස අනවසරයෙන් ගවයන් ඇතුළත් කිරීම සිදු කරමින් පවතිනවා. එක් පැත්තකින් උද්‍යානවල සිටින සතුන්ට කෑමට තිබෙන සියලු තණකොළ ගවයන් කෑමට ගන්නවා. ඒ හේතුවෙන් උද්‍යානවල සිටින සතුන්ට උග්‍ර ආහාර හිඟයක් පවතිනවා.
තවද ගවයන් බලා ගන්නා මුවාවෙන් ඔවුන් විසින් උද්‍යානවල සිටින සතුන් දඩයම් කිරීමත්, ගස් කපන ජාවාරම්වලත් නිරත වෙනවා. උද්‍යානත්, උද්‍යානවලත් ජීවත්වන සතුන් ආරක්‍ෂා කර ගැනීමට කළ යුතු එකම පිළියම නම් ලංකාවේ කිසිදු උද්‍යානයකට ගවයන් ඇතුළු කිරීමට අවසර නොදී සිටීම බව ඔවුහු පෙන්වා දෙති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon