අවුරුදු දවස් 5ට රිය අනතුරු 49කින් 51දෙනෙක් මරුට මාස අටක සිඟිත්තකු, අවුරුදු තුනක දරුවකු හා පොලිසියේ දෙදෙනකුත් ඒ අතර

  👤  2996 readers have read this article !
By mawbima 2018-04-17

චාමර අමරසූරිය, මීරිගම - දිනුෂි කේ.එම්. ආරච්චි

අලුත් අවුරුදු සමයේ ගෙවුණු දින පහක කාලය තුළ දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරු 49කින් පුද්ගලයන් 51 දෙනකු ජීවිතක්‍ෂයට පත්වී ඇතැයි පොලිස් රථ වාහන මූලස්ථානය සඳහන් කරයි.

මෙම කාල සීමාව තුළ සිදුවූ බරපතළ අනතුරුවලින් පුද්ගලයන් 88 දෙනකු තුවාල ලබා ඇත.

එසේම සිදුවූ සුළු අනතුරු හේතුවෙන් පුද්ගලයන් 259 දෙනකු තුවාල ලබා ඇති බවද පොලිසිය පවසයි.

ඉකුත් 11 වැනි දින සිට 15 වැනිදා දක්වා මෙම අනතුරු වාර්තා වී ඇති බවද පොලිස් රථ වාහන මූලස්ථානය සඳහන් කරයි.

ඇහැළියගොඩ, කොච්චිකඩේ, වැලිමඩ, සාලියවැව, මිහින්තලය, හුංගම පොලිස් බල ප්‍රදේශවලදී පසුගිය 13 වැනිදා මෙම මාරක රිය අනතුරු සිදුව ඇති අතර මාස අටක් වයසැති දරුවා මරණයට පත්ව ඇත්තේ කොච්චිකඩේ පොලිස් වසමේ මඩම්පැල්ලේදී එකම පවුලේ පිරිසක් ගමන්ගත් මෝටර් රථයක් පාරෙන් ඉවතට පැනීමෙන් සිදුවූ අනතුරකිනි. මෙම අනතුරෙන් තුවාල ලත් ගණන හත්දෙනෙකි.

පසුගිය 14 වැනිදා මැදිරිගිරිය, මොරගොඩ, පිටිගල, තිරුක්කෝවිල් හා ගිරාඳුරුකෝට්ටේ යන පොලිස් බල ප්‍රදේශවලද අනතුරු සිදුවී ඇත. මැදිරිගිරියේදී යතුරුපැදියක් පෙරැළී සිදුවූ අනතුරින් පුලස්තිපුර පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු හා මොරගොඩදී යතුරුපැදියක් පෙරළීමෙන් වාලච්චේන පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු මියගොස් ඇත.

පෙරේදා (15දා) ගලෙන්බිඳුණුවැව, ඇල්ල හා පන්නල සිදුවූ අනතුරුවලින් සිවුදෙනකු මරණයට පත්ව ඇත. ඇල්ල, කුඹල්වෙල ප්‍රදේශයේදී කාර් රථයක් පෙරළීමෙන් මව තුවාල ලබා පියා හා තෙහැවිරිදි දරුවා මරණයට පත්ව ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon