රියැදුරෝ 1,215ක් බීලා අසුවෙති

  👤  3067 readers have read this article !
By mawbima 2018-04-17

චාමර අමරසූරිය

අලුත් අවුරුදු සමය වෙනුවෙන් ක්‍රියාත්මක කළ බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම්වලදී ගතවූ දින හතරක කාලය තුළ බීමත් රියැදුරන් 1,215 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියකු 'මව්බිම'ට පැවැසීය.

ඉකුත් 10 වැනිදා සිට මෙම විශේෂ මෙහෙයුම් දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර තිබේ.

මෙම කාලසීමාව තුළ මාර්ග නීති උල්ලංඝනය කිරීම, අපරික්ෂාකාරී රිය ධාවනය ඇතුළු මාර්ග නීති උල්ලංඝනය කිරීම් තිස්හත් දහස් දෙසිය හතළිහක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර ඇතැයිද එම ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියා පැවැසීය.

පොලිස්පති පූජිත් ජයසුන්දර, රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව දිසාව භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, එම දිසාවේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ යන මහත්වරුන්ගේ අධීක්ෂණය සහ උපදෙස් මත මෙම මෙහෙයුම් ක්‍රියාත්මක විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon