උත්සව සමයේ කළ වැටලීම්වලදී රුපියල් කෝටි එකහමාරකට ආසන්න නුසුදුසු ආහාර අත්අඩංගුවට

  👤  3136 readers have read this article !
By mawbima 2018-04-17

නාත්තණ්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත

උත්සව සමයේ දිවයින පුරා සිදු කළ වැටලීම් 512කදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ ව්‍යාපාරිකයන් 1543කට එරෙහිව අධිකරණයේ නඩු පැවැරීමට කටයුතු කළ බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය.

මෙම වැටලීම් සඳහා දිවයින පුරා සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් 2500ක් සහභාගි වී ඇත.

මෙම මෙහෙයුමේදී ව්‍යාපාරික ස්ථාන 25,600කට වැඩි ප්‍රමාණයක් පරීක්‍ෂා කර ඇත. ඒ අතර මිනිස් පරිභෝජනයට නුසුදුසු රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනා ආහාර අත්පත් කර ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට හැකි වී ඇත. ව්‍යාපාරික ස්ථාන 25කට මුද්‍රා තබා අලෙවි කටයුතු තහනම් කර ඇත.

අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයන් ඇප මත මුදාහැර පසුව අධිකරණ හමුවේ නඩු පැවැරීමට කටයුතු කර ඇත. මේ වන විට අවසන් වී ඇති නඩුවලින් පමණක් රජයට රුපියල් 27,65,500ක දඩ ආදායමක් අය වී ඇති බව ද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon