මැයි 1දා නිවාඩු අවලංගුව වහාම හකුළා ගන්න

  👤  3112 readers have read this article !
By mawbima 2018-04-17

අනුරාධා හේරත්

ලෝක කම්කරු දින රජයේ නිවාඩුව අවලංගු කිරීම වහාම හකුළා ගන්නැයි ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා රජයට අවධාරණය කරයි.
ජවිපෙ නායකයා පැවැසුවේ ආණ්ඩුවේ මෙම හිතුවක්කාරී තක්කඩි ක්‍රියාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන අතර මෙය කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමක් බවය.
මැයි 1දා යනු මෙතෙක් රජයේ නිවාඩු දිනයක් වූ බව පවසන මන්ත්‍රිවරයා කියා සිටියේ කම්කරු අයිතීන් ගැන මහ ඉහළින් කතා කරන පාලකයන්ගේ මෙම ක්‍රියාවට එරෙහි දැවැන්ත බලපෑමක් කළ යුතු බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon