රිය පැදවීමේදී දුම් සහතිකය මින් පසු ගෙන යන්න ඕනෑ නෑ

  👤  3030 readers have read this article !
By mawbima 2018-04-17

ආරියරත්න ගනේගොඩ

අලුතින් හඳුන්වා දුන් වාහන දඩවලට අයත් එක් වරදක් දඩයෙන් ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

ඒ රිය පැදවීමේදී දුම් සහතිකය අනිවාර්යයෙන්ම වාහනය තුළ තබාගත යුතුය යන තීරණයයි. ප්‍රකාශිත දඩ මාලාවේ 33 වැනි දඩයට යටත් වන්නේ දුම් සහතිකය රැගෙන නොයෑමයි.

රථ වාහන ධාවනයට අවශ්‍ය බලපත්‍ර ගැනීමේදී දුම් සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බැවින් අදාළ බලපත්‍ර ලබා ගැනීමෙන් අනතුරුව එවැනි සහතික යළි ළඟ තබා ගැනීමෙන් පලක් නොවන බව එහිදී සඳහන් කෙරිණි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිත බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා 'මව්බිම'ට කීය.

නව දඩ යටතේ රුපියල් විසිපන් දහසක් වූ දඩය රුපියල් තුන්දහසකට අඩු කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon