යාපනයේ ඉඩම් අක්කර 683ක් වසර 28කට පසු ජනතාව අතට

  👤  3147 readers have read this article !
By mawbima 2018-04-17

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ / මුලතිව් - ශෂි කුමාර් / ඕමන්ත - ශේෂලා අමරසිංහ

යාපනයේ වලිකාමම් පළාතේ තෙලිප්පලෙයි ප්‍රදේශයේ ඉඩම් අක්කර 683ක් වසර විසි අටකට පසුව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා වෙත වලිකාමම් ප්‍රදේශයේදී පැවැති උත්සවයේදී නිල වශයෙන් භාර දෙන ලදී.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් රජයේ සංහිඳියාව සංකේතවත් කිරීම පිණිස මෙම ඉඩම් ප්‍රමාණය පසුගිය 13 වැනිදා දී තිබේ.

යුද හමුදාපතිවරයා වලිකාමම් ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී යාපනය දිසාපතිවරයාත් වලිකාමම් ප්‍රදේශයේ ජනතාවත් යුද හමුදාපතිවරයා ඉමහත් හරසරින් යුතුව පිළිගත්හ.
මීට සති දෙකකට ඉහතදී යුද හමුදාපතිවරයා යාපනයේ සංචාරය කළ අවස්ථාවේදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හමුවීමෙන් පසුව සඳහන් කළේ යාපනයේ ජනතාවට සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී බොහෝ දේ ලැබෙන බවයි.

මෙම ඉඩම් අක්කර 683 ඇතුළත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ දෙකක ග්‍රාම නිලධාරි වසම් හතරකට අයත් ගම්මාන අටක් පමණ ඇතුළත් වන බවද යාපනය දිසාපති කාර්යාලය සඳහන් කරයි.

අයිතිකරුවන්ට එම ඉඩම් භාරදීමෙන් පසුව රජයේ වැඩපිළිවෙළ යටතේ ඔවුන්ට ස්ථිර නිවාස ලබාදීමට කටයුතු කරන බවද යාපනය දිසාපතිවරයා පැවැසීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon