මීළඟ ජනාධිපතිවරණය 2020 පෙබරවාරියේ පැවැත්විය යුතුයි

  👤  3161 readers have read this article !
By mawbima 2018-04-17

දයා පෙරේරා

මීළඟ ජනාධිපතිවරණය 2020 පෙබරවාරි මාසයේ දී පැවැත්විය යුතු බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න යෝජනා කරයි. රජයේ සේවකයන්ට මේ රජයෙන් වැඩිකළ රුපියල් දස දහස 2020 ජනවාරියේ වැටුපට එකතු වන බැවින් ඔවුනට ඒ විශාල වැටුප් වැඩිවීම මතක් වන නිසා මීළඟ ජනාධිපතිවරණය 2020 පෙබරවාරියේ පැවැත්විය යුතු බව ඇමැතිවරයා සිය යෝජනාව ඉදිරිපත් කරමින් පවසයි.

රජයේ සේවකයන් ලක්ෂ 14ටම මේ වැටුප් වැඩිවීම ලැබෙනවා. පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේදී රාජ්‍ය සේවකයොත් ඡන්දය ප්‍රකාශ කළේ පොහොට්ටුවටයි. මේ තත්ත්වය 2020 වනවිට මඟහරවා ගන්න පුළුවන් බවද ඇමැතිවරයා කීවේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon