සුප්‍රසිද්ධ ටජ් මහල් ප්‍රාසාදයේ කුලුනු දෙකක් සුළඟට කඩා වැටේ

  👤  3182 readers have read this article !
By mawbima 2018-04-17

රෝහණ බමුණුආරච්චි

දාහත්වැනි සියවසෙහි ඉදිකළ උතුරු ඉන්දියාවේ අග්‍රා නගරයේ පිහිටි සුප්‍රකට ටජ් මහල්හි රාජකීය ප්‍රවේශ ‍ෙදාරටුවෙහි සහ තවත් ප්‍රවේශ ‍ෙදාරටුවක පිහිටි කුලුනු දෙකක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේදී පැයට කිලෝමීටර් එකසිය තිහක වේගයෙන් හමා ගිය සුළඟක් හේතුවෙන් අඩි ‍ෙදාළහක් වන උස කුලුනු දෙක කඩා වැටී ඇති බව ඉන්දීය පුරාවිද්‍යා බලධාරීහු ප්‍රකාශ කරති.

ලොව ජනප්‍රියතම සංචාරක ආකර්ෂණයක් ඇතිකරගත් ස්ථානයක් වන ටජ් මහලේ පෙනුමට අෑත සිට බලන විට විනාශ වූ කොත්වලින් ආකර්ෂණයක් ගෙන දෙන බැවින් වහාම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කටයුතු ආරම්භ කර ඇතැයිද ඔවුහු ප්‍රකාශ කර සිටිති.

යුනෙස්කෝ සංවිධානය මඟින් ලෝක උරුමයක් ලෙස නම් කොට ඇති ටජ් මහල දැක බලා ගැනීම සඳහා වර්තමානය වන විට දිනකට සංචාරකයන් ‍ෙදාළොස්දහසක් පමණ පැමිණෙන බැවින් ආකර්ෂණය ඒ ආකාරයෙන්ම තබාගැනීම සඳහා කඩාවැටුණු කුලුනු දෙක වහාම ඉදිකරන බවද ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ඉදිකිරීම් කටයුතු සඳහා බාධා ඇති වී ඇති බවද පුරාවිද්‍යා බලධාරීහු ප්‍රකාශ කර සිටිති.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon