පෞද්ගලික මන්ත්‍රි යෝජනා එකසිය පනස් දෙකක් අහෝසියි

  👤  3143 readers have read this article !
By mawbima 2018-04-17

දයා පෙරේරා - ජේ.ටී. ද සිල්වා

පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමත් සමඟ න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙන මන්ත්‍රිවරුන් ඉදිරිපත් කිරීමට නියමිත පෞද්ගලික මන්ත්‍රි යෝජනා 152ක් අහෝසි වී ඇත.

මෙම යෝජනා 152න් 129ක් පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ ඉදිරිපත් කර ඇති යෝජනා වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක ප්‍රියන්ත නමින් යෝජනා 6ක්ද, තුෂාර ඉඳුනිල් නමින් යෝජනා 4ක්ද, ලකී ජයවර්ධන නමින් යෝජනා 4ක්ද, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නමින් යෝජනා 3ක්ද, වෛද්‍ය නලින්ද ජයතිස්ස නමින් යෝජනා 2ක්ද, රෝහිණී කුමාරි විජේරත්න නමින් යෝජනා 1ක් සහ එස්.එම්. මරික්කාර් නමින් යෝජනා 1ක්ද මෙසේ න්‍යාය පුස්තකයෙන් අහෝසි වී ඇත.

නව ස්ථාවර නියෝග යටතේ එක් මන්ත්‍රිවරයකුට ඉදිරිපත් කළ හැකිවන්නේ පෞද්ගලික යෝජනා දහයක් පමණි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon