සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට පෙරේදා මිලියන තුනක ආදායමක්

  👤  2987 readers have read this article !
By mawbima 2018-04-17

සපුමල් ජයසේන

ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් මෙවර සිංහල අලුත් අවුරුදු දිනයට පසුදින (15දා) සංචාරක ප්‍රවේශපත්‍ර අලෙවිය මඟින් රුපියල් මිලියන තුනකට අධික ආදායමක් උපයාගෙන තිබේ.

පින්නවල අලි අනාථාගාරය එදින ප්‍රවේශපත්‍ර අලෙවිය මඟින් රුපියල් පහළොස් ලක්‍ෂයක් උපයා ගෙන ඇති අතර දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය රුපියල් හත්ලක්‍ෂ පනස් දහසක් උපයාගෙන තිබේ.

රිදියගම සෆාරි වනෝද්‍යානය රුපියල් ලක්‍ෂ හයක්ද, පින්නවල වෑගොල්ල විවෘත සත්ත්වෝද්‍යානය රුපියල් එක් ලක්‍ෂ පනස් දහසක්ද එදින උපයාගෙන ඇත.

මෑතකදී සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අලුතින් එක්වූ අංශයක් ලෙස සැලකෙන රිදියගම සෆාරි වනෝද්‍යානය මේ වන විට සංචාරකයන් අතර සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් ඇතැයි ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය 'මව්බිම'ට ඊයේ (16දා) පැවැසුවාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon