ජනමත විචාරණයක් ගන්න දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය මැදිහත් වෙයි

  👤  2995 readers have read this article !
By mawbima 2018-04-17

ලක්ෂ්මී ජයකොඩි

ශ්‍රී ලංකාවේ උතුර - නැඟෙනහිර පළාත්වල ජීවත් වන ජනතාව වෙනුවෙන් ජනමත විචාරණයක් ලබා ගැනීම සඳහා ටී.ජී.ටී.ඊ. හෙවත් දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය පසුගියදා (15දා) කැනඩාවේදී වැඩසටහනක් පවත්වා තිබේ.

තමන්ට අවශ්‍ය එක්සත් රාජ්‍යයක්ද ෆෙඩරල් රාජ්‍යයක්ද සමූහාණ්ඩුවක්ද තනි රාජ්‍යයක්ද යන්න විමසීම එම ජනමත විචාරණයේ අරමුණ වී තිබේ.

මෙම වැඩසටහන වෙනුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජ්‍ය මහලේකම්වරයකු වූ නෙදර්ලන්ත කැබිනට් අමාත්‍ය ඇඩ්. මෙල්කරට් මහතාද සහභාගි වී ඇත.
ශ්‍රී ලාංකේය දෙමළ ජනතාවගේ දේශපාලන අනාගතය ජනමත විචාරණයකින් තීරණය කළ යුතු බවත් එහි ප්‍රතිඵලය තමන් පිළිගන්නා බවත් එම සංවිධානයේ ප්‍රධානියා වන රුද්‍රකුමාරන් පවසා තිබේ.

මේ වැඩසටහනින් පසුව ගෝලීය ලාංකේය දෙමළ ඩයස්පෝරාව වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවද ටී.ජී.ටී.ඊ. සංවිධානය කැනේඩියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon