සරසවි අනධ්‍යයන සේවකයෝ අද සිට සේවයට

  👤  3024 readers have read this article !
By mawbima 2018-04-17

බෙලිහුල්ඔය -සමන්තා රත්නායක

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් දින 47ක වර්ජන කාලයකින් පසු වර්ජනය හමාර කරමින් අද (17දා) සේවයට වාර්තා කිරීමට නියමිත බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

වර්ජනය හමාර කරමින් මාධ්‍යට අදහස් දැක්වූ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්ත මහතා 'මාස දෙකකට ආසන්න කාලයක් පැවැති වර්ජනය නිමාකර 17දා සේවයට වාර්තා කිරීමට කටයුතු කරනවා. 10%කින් වැඩි කිරීමට එකඟ වූ මාසික හිලව් දීමනාවට අදාළ චක්‍රලේඛය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මඟින් පසුගිය 12 වැනිදා නිකුත් කර ඇති බැවින් එදින සිට වර්ජනය අවසන් කිරීමට තීරණය කළා.

සිංහල අවුරුදු නිවාඩුවෙන් පසුව 17 වැනිදා සිට සියලු සේවකයන් සේවයට වාර්තා කිරීමට සූදානම්ව සිටිනවා.

එසේ වුවද එකඟවූ 10% දීමනාව වැඩිකිරීම ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක විය යුතු වුවත් එය අප්‍රේල් 15 සිට ක්‍රියාත්මක වන පරිදි චක්‍රලේඛය නිකුත් කර තිබෙන බැවින් ඒ ගැන වෙනම සාකච්ඡා කිරීමට අදහස් කරනවායි යනුවෙන් පැවැසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon