රජය ලියාපදිංචි මීටරයක් හඳුන්වා දෙනතුරු මැයි 20ට පෙර ත්‍රිරෝද රථ මීටර සවි කරන්න බෑ

  👤  3028 readers have read this article !
By mawbima 2018-04-17

උදයන්ති මුණසිංහ

ලබන මැයි මස 20දාට පෙර ත්‍රිරෝද රථ මීටරය සවිකිරීම අනිවාර්යයෙන් කළ යුතු බවට මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයා පැවැසුවද රජයේ ලියාපදිංචි ප්‍රමිතිගත මීටරයක් හඳුන්වාදෙන තුරු එය ක්‍රියාත්මක කළ නොහැකි බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන අනාවරණය කරයි.

ප්‍රමිතිගත මීටරයක් හඳුන්වාදෙන ලෙස ආණ්ඩුවේ වගකිව යුත්තන්ගෙන් නිතර ඉල්ලීම් කළද ඔවුන් නෑසූකන් ඇතිව සිටින බවත්, දැනට වෙළෙඳපොළේ ඇති ප්‍රමිතියෙන් තොර මීටර් ඕනෑම අයකුට වෙනස් කොට මගීන්ගෙන් වංචා සහගත ලෙස මුදල් ලබාගත හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම දැනට වෙළෙඳපොළේ පවතින මීටර් රුපියල් පහළොස් දහසක්, දහඅට දහසක් වැනි ඉතා ඉහළ මිලකට අලෙවි කරන බැවින් දුප්පත් ත්‍රිරෝද රථ වෘත්තිකයාට එය මිලදී ගැනීමේ හැකියාවක් නොමැති බවද ඔහු සඳහන් කරයි.ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon