උඩවලව ජලාශයේ වාන් ‍ෙදාරටු විවෘත කෙරේ

  👤  3107 readers have read this article !
By mawbima 2018-04-17

සූරියවැව - ප්‍රසාද් සමරසිංහ

ඉකුත් දිනවල පැවැති මහ වැසිවලින් උඩවලව ජලාශයේ ජල ධාරිතාව වැඩි වීම නිසා වාන් ‍ෙදාරටු විවෘත කර වැඩි ජලය වලවේ ගඟට මුදා හරින්නට පියවර ගෙන ඇත.
15දා දහවල් 10.00ට පමණ උඩවලව ජලාශයේ වාන් ‍ෙදාරටු පහම අඟල් හය බැගින් විවෘත කළ බවත් එයින් තත්පරයට ගන අඩි 6000ක් බැගින් මහ ජලයක් වලවේ ගඟට මුදා හරින ලද බව උඩවලව ජලාශ භාර වාරිමාර්ග සහකාර අධ්‍යක්‍ෂ ඉන්ජිනේරු සුජීව ගුණසේකර මහතා පැවැසීය.

වලව මහවැලි සංවර්ධන කලාපයේ මෙවර යල කන්නයේ ගොවිතැන් සඳහා උඩවලව ජලාශයෙන් ජලය නිකුත් කිරීම මෙම 20දා සිට ආරම්භ කිරීමට නියමිත බවත් ඉන්ජිනේරු ගුණසේකර මහතා පැවැසීය. උඩවලව ජලාශයේ පවත්නා මුළු ජල ධාරිතාව ජල අක්කර අඩි දෙලක්‍ෂ දාහත් දහසකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon