අවුරුද්දට ගමේ ගිය අයට එන්න අද සිට ලංගමයෙන් විශේෂ බස් සේවාවක්

  👤  3162 readers have read this article !
By mawbima 2018-04-17

උපතිස්ස පෙරේරා

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා ගිය ජනතාවට නැවත සිය සේවා ස්ථාන සඳහා පැමිණීම පිණිස අද (17දා) සිට ලබන 23 වැනිදා තෙක් විශේෂ බස් සේවා ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි.
දිවයින පුරා පිහිටි ශ්‍රී ලංගම ප්‍රාදේශීය කාර්යාල 12ක් මඟින් කොළඹ හා තදාසන්න නගරවලට පැමිණීම සඳහා මගී අවශ්‍යතාව මත ශ්‍රී ලංගම බස් රථ යොදවා ඇතැයි ශ්‍රී ලංගම සභාපතිවරයා සඳහන් කරයි.

මේ අතර සියලුම පෞද්ගලික බස් රථ සේවාවන් අද සිට සුපුරුදු ධාවන කාලසටහන් අනුව ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකා දුම්රිය සේවය මඟින් අදාළ කාලසටහන්වලට අනුව දුර ගමන් සේවා, කාර්යාලයීය දුම්රිය සේවා සහ සාමාන්‍ය දුම්රිය සේවා ක්‍රියාත්මක වන බවද සහකාර දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon