දළ දෙකක් ඇති කුකුළෙක්

  👤  3222 readers have read this article !
By mawbima 2018-04-17

ලුණුවිල - රෝස් කොලින්

දළ දෙකක් ඇති කුකුළෙක් පිළිබඳව වෙන්නප්පුව ආසනයට අයත් කිරිමැටියානෙන් වාර්තා වේ. දිවයිනේ කිසිදු පෙදෙසකින් මෙතෙක් වාර්තා වී නොමැති හා හමු වී නොමැති මෙම දළ කුකුළාගේ හිමිකරු වන්නේ ලුණුවිල බටහිර කිරිමැටියාන අක්කර 80 අංක 46 පදිංචි එච්.ඇල්. කරුණාජීව මහතායි. නිවෙසේ හදාවාඩාගත් කුකුළාගේ මෙම දළ දෙක දුටු තමන්ද මහත් සේ මවිතයට පත්වූ බවත් කුකුළාගේ වැඩීමත් සමඟම දළ දෙකද ලියලන ලද බවත් කියන කරුණාජීව මහතා මේ වන විට අති විශාල ජනකායක් මේ කුකුළා දැක මවිතයට පත්වූ බවද කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon