යුද කාලයේ කොටින්ගේ ක්‍රියාකාරකමක් පිළිබඳ අකිල පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙයි

  👤  3285 readers have read this article !
By mawbima 2018-04-17

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

මුලතිව් දිස්ත්‍රික්කයේ 'අම්බකාමන්' නම් ස්ථානයේ ඇති කුඩා පැරැණි චෛත්‍ය ඉංග්‍රීසි එල් අකුර හැඩයට කපා, එල්.ටී.ටී.ඊ. සංවිධානය බංකරයක් ඉදිකර තිබුණු බවත් මෙම ස්ථානයෙහි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී පුහුණු පාසලක් තිබී ඇති බවත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් පාර්ලිමේන්තුවට ලබාදුන් පිළිතුරක දැක්වෙයි.
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් සිදුකර ඇති විනාශයන් පිළිබඳ තක්සේරු කර නොමැති බවත්, එම විනාශයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන නොමැති බවත් එහි සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි පද්ම උදයශාන්ත ගුණසේකර අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් එසේ සඳහන් කර ඇත.

මුලතිව් දිස්ත්‍රික්කයේ දැනට අනාවරණය කරගෙන ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන 176ක් පවතින බව කාරියවසම් මහතා ලබාදුන් පිළිතුරෙහි සඳහන් වෙයි.
එම පුරාවිද්‍යාත්මක ස්ථාන දැනට සංරක්ෂණ කටයුතු සිදු නොකරන බවත්, ඒ සඳහා 2015 සහ 2016 වර්ෂවලදී මුදල් වෙන්කිරීමක් කර නොමැති බවද ලබාදුන් පිළිතුරෙහි සඳහන් විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon