වලසකුට වෙඩි තබා මරා දැමීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක්

  👤  3230 readers have read this article !
By mawbima 2018-04-17

සපුමල් ජයසේන

ආවේගශීලීව හැසිරණු වලසකුට වනජීවී නිලධාරීන් වෙඩි තබා මරා දැමීම සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කිරීමේ අරමුණින් කමිටුවක් පත් කරන ලද බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා 'මව්බිම'ට ඊයේ (16දා) පැවැසීය.

මීට දින කිහිපයකට ඉහත කන්තලේ ප්‍රදේශයේ කැලයක සිටි වැඩුණු වලසකු ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැදී ආවේගශීලීව හැසිරී තිබිණි. එහිදී උෟ පාලනය කිරීමට පැමිණි වනජීවී නිලධාරීන් වලසාට වෙඩි තබා මරා දමා තිබේ.

දැඩි ලෙස වඳ වීමේ තර්ජනයට ලක්වූ සතකු වන වලසා නිර්වින්දනය කොට අල්ලා මෙල්ල නොකොට වෙඩි තබා මරා දැමීම කිසිසේත්ම අනුමත කළ හැකි ක්‍රියාවක් නොවන බව පරිසරවේදීහු කියා සිටිති.

නිලධාරීන් වෙඩි තබා ඇත්තේ වලසා ඔවුන්ට පහරදීමට තැත් කිරීමේදී බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. කෙසේ වෙතත් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කර සුදුසු පියවර ගන්නා බව හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon