අලුත් අවුරුදු සමයේ කොළඹ වරායේ ජය බහලු පර්යන්ත කටයුතු සාර්ථකයි

  👤  3250 readers have read this article !
By mawbima 2018-04-17

උදයන්ති මුණසිංහ

සිංහල හා දමිළ අලුත් අවුරුදු සමයේදී විශේෂයෙන් පසුගිය 13, 14 යන දෙදින තුළදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජය බහලු පර්යත්නය හා සමඟි බහලු පර්යන්තය බහලු මෙහෙයුම් අඛණ්ඩව කාර්යක්ෂම ලෙස කළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

ජය බහලු පර්යන්තයේ හා සමඟි බහලු පර්යන්තයේ ග්‍රැන්ටි්‍ර ‍ෙදාඹකර 20ක හා 18ක ක්‍රියාකාරිත්වයෙන් යුතුව ප්‍රධාන නෞකා 05ක් හා පෝෂක නෞකා 08ක් පසුගිය 13, 14 දෙදින තුළ මෙහෙයුම් සිදු කර මෙම සාර්ථකත්වයට ළඟා වීමට හැකි වූ බව එම අධිකාරිය පෙන්වා දෙයි.

ඒ අනුව 13දා ජය බහලු පර්යත්නය හා සමඟි බහලු පර්යන්තය හා එක්ව අඩි 20 සම ඒකක බහලු 7,459ක් හා 14දා අඩි 20 සම ඒකක 6,959ක බහලු මෙහෙයුම් වාර්තාවක් සිදු කළ බව එම අධිකාරිය පවසයි.

මෙහි 2017 වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව 15.3%ක වාර්තාගත වර්ධනයක් බවද ඔවුහු පවසති.

ච්පඥඹපර වරාය සම්බන්ධතා දර්ශකය අනුව කොළඹ වරාය ලොව විශිෂ්ටතම සම්බන්ධිත වරායන් 20 අතර 13 වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වූ බවත් මෙම ශේ‍ර්ණිගත කිරීමට අනුව කොළඹ වරාය ආසියාවේ විශිෂ්ටතම සම්බන්ධිත වරායන් අතරට පැමිණ තිබෙන බවත් එම අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon