ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස පත්වීම් ලබයි

  👤  3188 readers have read this article !
By mawbima 2018-04-17

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස පත් කරනු ලැබූ තානාපති, ඒ.එල්.ඒ. අසීස් මහතා පසුගියදා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී, අධ්‍යක්ෂ ජනරාල් මයිකල් මොලර් මහතා වෙත සිය අක්ත පත්‍රය ප්‍රදානය කළ අවස්ථාව.

නව නිත්‍ය නියෝජිතවරයා ඉතා උණුසුම් අන්දමින් පිළිගත් අධ්‍යක්ෂ ජනරාල්වරයා, එක්සත් ජාතීන්ගේ ජිනීවා කාර්යාලයේ මැදිහත් වීමෙන් දැනට ක්‍රියාත්මක කරගෙන යනු ලබන කාර්යයන් පිළිබඳව නව තානාපතිවරයා දැනුවත් කළ අතර ශ්‍රී ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ නිරායුධකරණ වැඩපිළිවෙළ උදෙසා ලබාදුන් නායකත්වය තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසද ඉල්ලීමක් කළේය.

ශ්‍රී ලංකා විදේශ සේවයේ වසර 26ක අත්දැකීම් සපිරි අසීස් මහතා නව නිත්‍ය නියෝජිතවරයා ලෙස පත්වීමට පූර්වයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කොට ඇත. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස හා වියානාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙසද ඔහු කටයුතු කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon