කිතුල් කර්මාන්තය බලපත්‍ර ගැනීමෙන් නිදහස් කරනවා

  👤  3142 readers have read this article !
By mawbima 2018-04-17

කිතුල් නිෂ්පාදකයන්ට තම කර්මාන්තය කරගෙන යෑමට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමේදී ගැටලු රැසකට මුහුණදීමට සිදුවී ඇති බැවින් ඔවුන් බලපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසීය.

කිතුල් කර්මාන්තය වැඩි වශයෙන් ව්‍යාප්තව පවතින නුවරඑළිය, රත්නපුර, බදුල්ල, කෑගල්ල, මාතර යන දිස්ත්‍රික්කයන්හි එක් ගම්මානයක් බැගින් තෝරාගෙන කිතුල් පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බවද මෙහිදී අස්වැන්න ඉක්මනින් ලබාගත හැකි හයිබි්‍රඩ් පැළ වගා කිරීම කෙරේ අවධානය යොමු කරන බවද ඇමැතිවරයා කීවේය.
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මේ සාකච්ඡාවේදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කිතුල් නිෂ්පාදනවලට හොඳ ඉල්ලුමක් තිබුණත් නිෂ්පාදකයාට ඊට සාධාරණ මුදලක් ලැබෙන්නේ නැහැ. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. ඒ සඳහා ඉදිරියේදී සුපිරි වෙළෙඳ ආයතන සම්බන්ධ කර ගනිමින් නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට එම ආයතන හා සාකච්ඡා කරන බවද පැවැසීය.

කිතුල් කර්මාන්තය නංවාලීම සඳහා මෙම වසරට රුපියල් මිලියන 15ක් වෙන් කර ඇති අතර ක්‍රියාත්මක කළ යුතු බවත් ඵලදායී ව්‍යාපෘති කුමක්ද යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

එමෙන්ම කිතුල් නිෂ්පාදනය වැඩියෙන් සිදු කරන ප්‍රදේශවල අලෙවි කුටි ඇති කිරීමට අවශ්‍ය කටයුතු සලසාදෙන බවද පැවැසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.ඒ. විජේතුංග, සුජිත් පෙරේරා හා කේ.කේ. පියදාස යන මහත්වරුන්ද ප්‍රාදේශීය ලේකම්වරුන් හා කිතුල් නිෂ්පාදනයේදී සම්බන්ධ වන ආයතනවල නිලධාරීන්, අමාත්‍යාංශ ලේකම් රේණුකා ඒකනායක මහත්මිය ඇතුළු නිලධාරීහු රැසක් සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon