වැඩි කලක් යන්න කලින් මේ ආණ්ඩුව බිම වැටෙන එක වැටෙනවාමයි

  👤  3247 readers have read this article !
By mawbima 2018-04-17

වැඩි කාලයක් යන්න කලින් මේ ආණ්ඩුව හරියටම බිමට වැටෙන එක වැටෙනවාමයි. පෙරළන්න පුළුවන්. පාර්ලිමේන්තුව ඇතුළේ මොනව තිබුණත් ඔළු ගෙඩිවලින් පෙරළන්න පුළුවන් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම පැවැසීය.

මන්ත්‍රිවරයා මෙසේ පැවැසුවේ (15දා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීමට තංගල්ල කාල්ටන් නිවෙසට පැමිණි අවස්ථාවේදීය. මන්ත්‍රිවරයා මෙසේද කීය. අලුත් අවුරුද්දට සුබ පතනවා මම සියලුම දෙනාට. මැයි අට වැනිදා වෙනකල් පාර්ලිමේන්තුව කල් දාලා තියෙනවා. මං හිතන්නේ බය වුණා. දහසයක් මේ පැත්තට එනවනේ. ඇවිත් ඉඳගන්නවනේ. ඊට පස්සේ ලොකු පෙරළියක් වෙයි කියලා මේ අය ටිකක් බය වෙලා කල්ගන්න තමයි මේ මැයි අට වැනිදා වෙනකල් කල් දැම්මේ. බලමු අපි මොකද වෙන්නේ කියලා. යූඑන්පී එක බැහැලා සියයට තිස්තුනට.

ශ්‍රී ලංකා එකේ දාහත බැහැල තියෙනවා හතට විතර. මේකෙ තියෙන ප්‍රධාන පක්ෂය මේ අවුරුද්දකින් ආපු පොහොට්ටුව විතරයි. පොහොට්ටුව තමයි ඊළඟ ආණ්ඩුව පිහිටුවන්නේ. ලංකාවේ මිනිස්සු බලාගෙන ඉන්නේ පොහොට්ටුව එනකල්. මොකද මේ රට කාබාසිනියා කරල ඉවරයි. සල්ලි අච්චු ගහලා. දස ලක්ෂ දසලක්ෂයක් ගහලා. නිකන් කොළ කෑලි විතරයි. මෙහෙම ආණ්ඩුවක් යන්න පුළුවන්ද. මේ හැම එකම ෆේල් නේ. සිරිසේන මහත්තය කෙරුවත් ෆේල්. රනිල් වික්‍රමසිංහ මහත්තය කෙරුවත් ෆේල්. ආණ්ඩුවේ ඇමැතිවරු කරන ඒවාත් ඔක්කොම වතුරෙ ගිහින් තියෙන්නේ.

2019 අවුරුද්ද සාර්ථක අවුරුද්දක් වෙනවා. අපි මහින්ද රාජපක්ෂ මහත්තයව මේ රටේ ප්‍රධානියා හැටියට ගේනවා කියන එක බොහොම විශ්වාසයෙන් මම කියනවා. දැනුත් මහින්ද රාජපක්ෂ මහත්තය යටතේ අපි අවුරුදු කන්නේ. අපි 2019 අවුරුද්දෙ අවුරුදු කන්නෙත් මහින්ද රාජපක්ෂ මහත්තය යටතේ. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තය යටතේ ඉතාමත් හොඳ රටක් බිහිවෙනවා දකින්නයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ

අපි ගෙනා විශ්වාසභංග බෝම්බය දැන් පුපුර පුපුර යනවා. තාම පත්තු වෙලා ඉවර නැහැ. දැන් පාර්ලිමේන්තුවත් කල් දාලා තියෙන්නේ. මේ ආණ්ඩුව විසිරුවා හරිනකල්ම මේ බෝම්බය පුපුරනවා. අද රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැහැ. බදු ගහලා ජීවත් වෙන්න විධියක් නැහැ. සිංහල අවුරුද්ද කියල මිනිස්සු චාරිත්‍ර කරනවා මිසක් වෙන කිසි දෙයක් කරන්නේ නෑ. කරන්න බැහැ මිනිස්සුන්ට. හැම කෙනකුටම බදු වැටිලා තියෙන්නේ. ආණ්ඩුවට කරන්න දෙයක් නැතිව බොරු කතා කර කර ඉන්නවා.

මේ පාර්ලිමේන්තුව කල් දැම්ම කියන්නෙත් අපේ බෝම්බෙ කොටසක්. ඊළඟ පාර්ලිමේන්තුවේදී විපක්ෂයට එකතු වෙනවා අලුත් මන්ත්‍රිවරු හිටපු මැති ඇමැතිවරු ගණනාවක්. තවත් කණ්ඩායමක් කකුල තියාගෙන ඉන්නවා. ඒක තමයි අපිට ඕන කරලා තියෙන දේ. අපේ ජයග්‍රහණය. කලින් එකතු වුණේ නැති වුණාට අපිට ඕන කටයුත්ත කෙරෙනවනේ. අපිට ඕන මැතිවරණයක්. ආණ්ඩුවට අපි කියන්නේ පළාත් සභා මැතිවරණය තියන්න. පාර්ලිමේන්තු මැතිවරණය තියන්න. නිසි කලට ජනාධිපතිවරණය තියන්න. මහජනතාව තීන්දු කරයි මොකද කරන්නෙ කියලා. අපි කෙළින්ම පොහොට්ටුව යටතේ ආණ්ඩුවක් පිහිටුවන්නේ. හවුල් වෙලා ආණ්ඩු පිහිටුවන්නේ නෑ. හැබැයි මේ රටේ ඕනම කෙනකුට පොහොට්ටුවට එකතු වෙන්න පුළුවන්. ‍ෙදාරවල් විවෘත කරල තියෙන්නේ. සැලුන් ‍ෙදාරක් තමයි තියෙන්නේ. සැලුන් ‍ෙදාර වහල නෑනේ.

තංගල්ල - සහම්පති මානගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon