සංවර්ධනයට දායක වන ජනතාවට පහසුකම් සැලැසීමට අපි සූදානම්

  👤  3235 readers have read this article !
By mawbima 2018-04-17

මධ්‍යම පාන්තික ජනතාවගේ පහසුකම් දියුණු කිරීම වෙනුවෙන් කැපවී සිටින මේ ආණ්ඩුව සැලසුම් කළ ආකාරයට රට දියුණු කිරීමට හැකි වුවහොත් අපට මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් නොව ඉහළ මධ්‍යම පාන්තික ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් අපගේ සැලසුම් සකස් කිරීමට සිදුවනු ඇති බවත් එය රටක දියුණුවේ
මං සලකුණු පෙන්වන්නක් වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ මහ නගර සංවර්ධන සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ආරම්භ කළ තලපත්පිටිය ශ්‍රී ජයවර්ධනපුර රෝහල් සංකීර්ණ නිවාස ඒකක (400) හාරසියයකින් යුත් තිස් (30) මහල් මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමයක වැඩ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදීය.
එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවැසීය.

ගතවූ කාලය තුළ මධ්‍යම පාන්තික ජනතාව විශාල ලෙස පැතිර ගියේ රටේ ජනතාවගේ ආදායම් ඉහළ යෑමත් සමඟයි. එහිදී එම මධ්‍යම පාන්තික ජනතාවගේ අවශ්‍යතා සපුරාලමින් ඔවුන්ට සියලු පහසුකම් සහිත නිවාස ඉදිවිය යුතුයි. අන්න ඒ අවශ්‍යතාව හඳුනාගෙන සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණ ඉදිකරගෙන යෑමේ යහපාලන ආණ්ඩුව තවත් එක් පියවරක් අද ශ්‍රී ජයවර්ධනපුර තලපත්පිටිය ප්‍රදේශයෙන් මෙසේ ආරම්භ වෙනවා. රටක් සංවර්ධනය කරා ඇදී යන විට එදා ග්‍රාමීය ප්‍රදේශ ලෙස හැඳින්වූ පෙදෙස් නාගරිකකරණය වීම වැළැක්විය නොහැකියි. එහිදී ජනතා අවශ්‍යතා හඳුනා ගන්නා රජයක් ලෙස අප එම ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට සැලසුම් සකස් කළ යුතුයි

ඒ අනුව රටේ සංවර්ධනයට විශාල ලෙස දායක වන අපගේ වෘත්තීයවේදීන් කෙරෙහි අවධානය යොමුකර නිවාස පන්දහසකින් යුත් 'වියත්පුර' නිවාස සංකීර්ණය අප පන්නිපිටිය ප්‍රදේශයේ වැඩ ආරම්භ කර එහි ඉදිකිරීම් දැන් සිදුවෙමින් පවතිනවා. අප රට සංවර්ධනය කරනා විට එම සංවර්ධනයට දායක වන ජනතාවට පහසුකම් සැලසීම වෙනුවෙන් කැපවීමට සිදුවෙනවා. මෙම නිවාස සංකීර්ණයන් තුළින් ජනතාවට අවශ්‍ය සියලු මූලික පහසුකම් සහිතව නිවාස සංකීර්ණ ආරම්භ කිරීමට අපගේ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු මහ නගර සංවර්ධන සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයට සම්බන්ධ නිලධාරීන් කටයුතු කරනවා. එම නිලධාරීන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි යැයි මා විශ්වාස කරනවා. එසේම මෙහි පදිංචි වන ජනතාවද කැපවනුයේ මේ රට සංවර්ධනය කිරීමට බව අප අමතක නොකළ යුතුයි. එදා කුරුලු දූපත සහ වෙල් යායක් සහිතව තිබූ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශය අපගේ පාර්ලිමේන්තුව ඉදිකිරීමට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා තීරණය කිරීමත් සමඟ මෙම ප්‍රදේශයේ රෝහල් ඉදිවී අද විශාල දියුණුවක් ලබා තිබෙනවා.

අපගේ පාඨලී චම්පික රණවක මහතා ප්‍රධාන නිලධාරීන් මෙම නිවාස ගැටලුව දෙස ගැඹුරින් අධ්‍යයනය කර එයට විසඳුම් ලබාදීමට කරනා කැපවීමද අප අගය කළ යුතු වෙනවා. පසුගියදා ඇතිවූ ප්‍රශ්නවලින් පසුව ඇමැති මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් මා මෙන්ම අතිගරු ජනාධිතිවරයාද හමුවී සාකච්ඡා කර සිය විසඳුම් කරා පැමිණ අප පෙර මෙන්ම ජනතා සේවයේ නියැළෙනවා. අප කුමන දේශපාලන මතයක් දැරුවද රටේ ජනතාව අප තෝරාපත් කර ගනු ලැබුවේ රටේ ජනතාවගේ සුබසිද්ධිය සඳහාය යන්න අවබෝධ කර ගත් විට අපට මේ සියලු ප්‍රශ්න පහසුවෙන් විස¼දා ගැනීමට හැකි වෙනවා.

බොරලැස්ගමුව - නිඳුවර අබේසිංහ / හාවාඑළිය - චන්ද්‍රසිරි මහගම

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon