සැකපිට ඇල්ලූ තරුණයන් හය දෙනකු ළඟ හෙරොයින් හා ගංජා

  👤  3095 readers have read this article !
By mawbima 2018-04-17

වැලිවැව ආරච්චිකට්ටුව - ලලිත් ඒ.කේ. නවරත්න

වෙන්නප්පුව සිරිගම්පොළ ප්‍රදේශයේ සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටි තරුණයන් පිරිසක් පරීක්ෂාවට ලක් කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් පැකට් 1ක් සහ ගංජා පැකට් 6ක් සමඟ තරුණයන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස්වත්ත හා සිරිගම්පොළ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 19ත් 25ත් අතර වියෙහි අවිවාහක තරුණයන් පිරිසකි.

සිරිගම්පොළ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන බවට පොලිසියට දිගින් දිගටම ලැබෙන තොරතුරු මත කළ මෙම වැටලීමේදී සැකකටයුතු මේ තරුණයන් පරීක්ෂා කිරීමේදී මිලිග්‍රෑම් 60ක හෙරොයින් පැකට් එකක් හා පැකට් එකක බර ග්‍රෑම් 2ක් වූ ගංජා පැකට් 05ක් සමඟ මෙම තරුණයන් 06 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

විමර්ශනවලදී මේ තරුණයන් 06 දෙනාම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවත් කරන රැකියාවලින් උපයා ගන්නා මුදල්වලින් බහුතරයක් මත්ද්‍රව්‍ය පානයට යොදාගන්නා බවත් හෙළිවී ඇත. මේ තරුණයන්ට මත්ද්‍රව්‍ය සපයන ප්‍රධාන මූලස්ථාන පිළිබඳ සෙවීමට පරීක්ෂණයක් ආරම්භ කර ඇති පොලිසිය මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

වෙන්නප්පුව පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.බී. අබේරත්න මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂකවරුන් වන පියසිරි හා රුක්ෂාන්, පොලිස් කොස්තාපල්වරුන් වන සරත් (48192), රත්නායක (58734), සනීර (60568), සංඛ (37911) යන පොලිස් නිලධාරීහු මේ වැටලීම සිදුකළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon