පළමු මාස තුනේදී සංචාරකයන් 7,07,924ක් මෙරටට ඇවිත්

  👤  3111 readers have read this article !
By mawbima 2018-04-17

බද්දේගම - ඕ. කමලනාථ

මෙම වසරේ පළමු මාස තුනේදී විදේශ සංචාරකයන් 7,07,924ක දෙනකු පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන කාර්යාංශයේ නවතම දත්ත පෙන්වා දෙයි.

එය 2017 වසරේ පළමු මාස 03ට සැසඳීමේදී 1,02,971ක් හෙවත් සියයට 17.1% වැඩිවීමකි. 2018 වසරේ ජනවාරියේදී සංචාරකයන් 2,38,924 දෙනකුද, පෙබරවාරි මස සංචාරකයන් 2,35,618 දෙනකුද, මාර්තු මාසයේ සංචාරකයන් 2,33,382 දෙනකුද මෙරටට පැමිණ තිබේ.

2018 මාර්තු මාසයේ පැමිණි ඉන්දීය සංචාරකයන් සංඛ්‍යාව 27,075කි. 2017 අනුරූපිත කාලයට සාපේක්‍ෂව එම සංඛ්‍යාව 13%කින් ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් මාර්තු මාසය තුළදී පැමිණ ඇති චීන සංචාරකයන් සංඛ්‍යාව 4.8%කින් අඩුවී ඇත.

එම සංඛ්‍යාව 22,172කි. එක්සත් රාජධානිය විසින් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 56.1%කින්, ජර්මානු සංචාරකයන් සංඛ්‍යාව 60.6%කින්, ඕස්ට්‍රේලියානු සංචාරකයන්ගේ සංඛ්‍යාව 60.2%කින් හා ඇමෙරිකානු සංචාරකයන්ගේ සංඛ්‍යාව 83.3%ක් ලෙසද මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon