යාපනය - කන්කසන්තුරේ සිට පොන්නාලේ හරහා පේදුරුතුඩුව ප්‍රධාන මාර්ගය ඇරේ

  👤  3264 readers have read this article !
By mawbima 2018-04-17

වවුනියාව -රසාදි චතුරංගි ගමගේ

සිංහල - හින්දු අලුත් අවුරුදු සමයේ උතුරේ වැසියන්ට සංහිඳියාව අර්ථවත් කරමින් වසර විසි නවයකට පසුව යාපනයේ කන්කසන්තුරේ සිට පොන්නාලේ හරහා පේදුරුතුඩුව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය අප්‍රේල් 13 දා සිට මහජනතාව සඳහා විවෘත කොට තිබේ.

එම ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් වශයෙන් නම් කොට තිබූ බැවින් මේ දක්වාම එම මාර්ගය වසා දමා තිබිණි.

මාර්ගය විවෘත කිරීමෙන් පසුව කන්කසන්තුරේ සිට පේදුරුතුඩුව දක්වා පොන්නාලේ හරහා ගමන් කරන පිරිසට කිලෝ මීටර් දාහතරක දුරක් අඩුවෙන් ගමන් කළ හැකිය.
මෙතෙක් ගමන් කළ පිරිස විකල්ප මාර්ග භාවිත කරමින් කන්කසන්තුරේ සිට පේදුරුතුඩුව දක්වා ගමන් කළේ අමතර දුරක් ගෙවමිනි.

මාර්ගය විවෘත කිරීමත් සමඟම ප්‍රීතියට පත් යාපනයේ ජනතාව විනෝදයට මෙන් යතුරු පැදිවලින් එම මාර්ගයේ ගමන් කොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon