ආන්දෝලනාත්මක තීරණ මැද වවුනියා නගර සභාපති ධුරය ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට

  👤  3243 readers have read this article !
By mawbima 2018-04-17

වවුනියාව - රසාදි ගමගේ

දෙමළ ජාතික සන්ධානයේ බලපෑම් හා මහත් ආන්දෝලනාත්මක තීරණ කිහිපයක් ඉදිරිපත් වුවත් වවුනියා නගර සභාවේ සභාපති ධුරය හා නගර සභාවේ බලය 16දා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ වෙත හිමි විණි.

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ වෙනුවෙන් සභාපති ධුරයට රාසලිංගම් ගෞතමම් මහතාගේ නම ඉදිරිපත් වූ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයද එන්. සේනාධිරාජා මහතාගේ නම යෝජනා කරනු ලැබීය.

මේ අවස්ථාවේදී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ වවුනියාව නගර සභාවට තේරීපත් වී සිටින සභිකයන් තුන්දෙනා ද එක්සත් ජාතික පක්‍ෂයේ සභිකයන් හතර දෙනාගෙන් තුන්දෙනකු ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභිකයන් තුන්දෙනාද පොදුජන පෙරමුණේ සභිකයා හා ඊපීඩීපී පක්‍ෂයේ සභිකයා එක් වී ඡන්ද 11ක බලය පෙන්වීම නිසා වවුනියාව නගර සභාවේ බලයත් සභාපති ධුරයත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට හිමිවිය.

බලය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ද්‍රවිඩ එක්සත් පෙරමුණට සහාය ලබා දීම නිසා එම පක්‍ෂයෙන් වවුනියාව නගර සභාවට තේරී පත් වී සිටි සුන්දරම් කුමාරස්වාමි මහතා උප සභාපති ධුරයට තේරී පත් විණි.

උතුරු පළාත් සභාවේ ලේකම් පැටි්‍රක් රන්ජන් මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව නගර සභා ශාලාවේදී ප්‍රථම රැස්වීම පැවැත් වූ අවස්ථාවේදී වවුනියාව නගර සභාවේ බලය දෙමළ ජාතිත සන්ධානය වෙත ලබා ගැනීම සඳහා ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ද උතුරු පළාත් සභා මන්ත්‍රිවරුන් ද සහභාගි වී සිටියද දෙමළ ජාතික සන්ධානයට ලැබුණේ සභිකයන් 9 දෙනකුගේ ඡන්ද පමණි.

ඒ දෙමළ ජාතික සන්ධානයේ සභිකයන් 8 දෙනකුගේ හා එක්සත් ජාතික පක්‍ෂයේ එක් සභිකයකුගේ ඡන්ද පමණි.

එක්සත් ජාතික පක්‍ෂයෙන් වවුනියාව නගර සභාවට තේරී පත් වී සිටි සභිකයන් හතර දෙනාගෙන් තුන්දෙනකුට හා එක් අයකු වශයෙන් පිල් දෙකකට බෙදී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට තුන්දෙනකු ද දෙමළ ජාතික සන්ධානයට එක් අයකුද වශයෙන් ඡන්දය ලබා දීම විශේෂ සිද්ධියක් විණි.

ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාගේ දෙමළ ජාතික ජනතා පෙරමුණෙන් වවුනියාව නගර සභාවට තේරීපත් වී සිටි සභිකයා ඡන්දය දීමෙන් වැළකී සිටියේය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon