නුවරගම්පළාත ප්‍රාදේශීය සභාපති ගමන් කළ නිල කැබ් රථය තැරියන්කුලම වැවට පෙරළිලා

  👤  3112 readers have read this article !
By mawbima 2018-04-17

අනුරාධපුර - එරන්ද ශෂිප්‍රිය

අනුරාධපුර නැඟෙනහිර නුවරගම්පළාත ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.බී. කුමාරදාස මහතා ගමන් කරමින් තිබූ එම ප්‍රාදේශීය සභාවට අයත් නිල කැබ් රථය පෙරේදා (15දා) රාත්‍රි අනුරාධපුර කලැත්තෑව තැරියන්කුලම වැවට පෙරළී ඇත.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී නැඟෙනහිර නුවරගම්පළාත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත් වූ කුමාරදාස මහතාගේ නිවෙස අසලදී වාහනය මාර්ගයෙන් ඉවතට පැනීමෙන් සිදුවූ අනතුරකින් කැබ් රථය වැවට පෙරළී තිබේ.

අනතුරින් කැබ් රථයේ ගමන් ගත් කිසිවකුටත් අනතුරක් සිදුවී නොමැති අතර කැබ් රථයට දැඩි ලෙස අලාභහානි සිදුවී ඇත.

වැවට පෙරළුණු කැබ් රථය ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ මැදිහත්වීමෙන් ජේ.සී.බී. යන්ත්‍රයක් ගෙන්වාගෙන ඊයේ (16දා) ගොඩට ගෙන ඇත. අනතුර සම්බන්ධයෙන් ඊයේ (16දා) දහවල් වනතුරුත් නැඟෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ කිසිදු නිලධාරියෙක් හෝ සභාපතිවරයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් නොකළ බව අනුරාධපුර පොලිස් ස්ථානයේ නිලධාරියෙක් පැවැසීය.

මේ පිළිබඳව වහාම පරීක්‍ෂණයක් පවත්වන්නැයි එම ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ මන්ත්‍රිවරු උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාගෙන් සහ පළාත් පාලන කොමසාරිස්වරියගෙන් ඉල්ලීමක් කර සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon