දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන ගමනාගමනය වාර්තාගත ඉහළ යෑමක්

  👤  3157 readers have read this article !
By mawbima 2018-04-17

ගාල්ල - තරිඳු භාග්‍ය විජේහේවා
හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
කොට්ටාව - එච්. චාමින්දි

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යෑමට සහ නෑගම් යෑමට විශාල වශයෙන් පිරිස් අධිවේගී මාර්ගය භාවිත කිරීම නිසා මාතර - කොළඹ දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන ගමනාගමනය මෙතෙක් කිසිදා නොවූ විරූ අයුරින් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබිණි.

පසුගිය 6 වැනිදා සිට මේ දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කටුනායක අධිවේගී මාර්ගයේ රථ වාහන එක්ලක්ෂ පනස්දහසකට වැඩි සංඛ්‍යාවක් ධාවනය කර ඇතැයි අධිවේගී මාර්ග අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.

මේ අතර අවුරුදු සමයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනවසරයෙන් ධාවනය වූ සහ නියමිත මුදලට වැඩියෙන් මුදල් අයකරනු ලැබූ බස් රථ 17ක් ජාතික ගමනාගමන
කොමිෂන් සභාව විසින් සිය භාරයට ගෙන තිබේ. එමෙන්ම අධිවේගී මාර්ගයේ බස්රථවලින් නියමිත මුදලට වඩා මගීන්ගෙන් මුදල් අය කරන්නේ නම් එම බස්රථ පිළිබඳ 1955ට දැනුම් දෙන ලෙසද එම කොමිසම ඉල්ලා සිටී.

දක්ෂිණ ධිවේගී මාර්ගයේ සහ කටුනායක අධිවේගී මාර්ගයේ සාමාන්‍යයෙන් දෛනික ආදායම රුපියල් මිලියන 18ක් පමණ වන අතර පසුගිය දිනවල උත්සව සමයේ එම අධිවේගී මාර්ගවල දෛනික ආදායම රුපියල් මිලියන 30 දක්වා වාර්තාගත වැඩිවීමකට ලක්ව ඇතැයි අධිවේගී මාර්ග අධ්‍යක්ෂ සමන් ඒකනායක මහතා පවසයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත කොට්ටාව සහ කඩුවෙල පිවිසුම් මාර්ගවල සිට මාතර ගොඩගම පිටවීම දක්වා වැඩි රථවාහන සංඛ්‍යාවක් ධාවනය වෙමින් පවතින බවද අධිවේගී මාර්ග අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මාතර ගොඩගම පිටවීමේ ‍ෙදාරටුවේ දැඩි රථවාහන තදබදයක්ද මේ දිනවල දක්නට ලැබෙන අතර ඊයේ වනවිට මෙම පිටවීමේ ‍ෙදාරටු තුනට අමතරව තවත් අමතර පිටවීම් 3ක්ද ක්‍රියාත්මක කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon